Home / Featured / බදුයුදීන් ,මරික්කාර් ,මුජුබර්ට සහ අසාද් සාලිට එරෙහි බොදු බලය පොලිසි යයි …නිතීය ක්‍රියාත්මක නොකළොත් නිල නොවන පොලිස් කාරයන් වන බවට දන්වයි

බදුයුදීන් ,මරික්කාර් ,මුජුබර්ට සහ අසාද් සාලිට එරෙහි බොදු බලය පොලිසි යයි …නිතීය ක්‍රියාත්මක නොකළොත් නිල නොවන පොලිස් කාරයන් වන බවට දන්වයි

අමාත්‍ය රිෂාද් බදුයුදීන් ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස් .එම් මරික්කාර් ,මුජිබර් රහුමාන් සහ අසාද් සාලිට එරෙහිව බොදු බල සේනා සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ඉල්ලීමක් කරමින්.

විල්පත්තු ඇතුලු වනාන්තර විනාශය, හොර ලී ජාවාරම්, කුඩු ජාවාරම් කරුවන්ට රැකවරණ, ඉස්ලාම් අන්තවාදීන්ට ආධාර හා රැකවරන, අරාබි රටවලින් රජයේ නමින් මුදල් ගෙන පෞද්ගලිකව පරිහරණය. අක්කර 3000ක් පවුලට ලබා ගැනීම,හොර ඔප්පු සෑදීම , සතොස ඇතුලු රාජ්‍ය ආයතන මුස්ලිම් හිතවතුන්ට විකිණීම ,කර්මාන්ත අමත්‍යංශයේ බලපත්‍ර මුස්ලිම් අයට ලබා දීම,සහජීවනයට එරෙහිව මුස්ලිම් කලාප ඇති කිරීම , බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමට අනුබල දීම , අන්‍යාගමික විරෝධී මුස්ලිම් අන්තවාදය පැතිරවීමට අනුබල දීම, මුස්ලිම් රාජ්‍ය ත්‍රස්තවාදීනට අනුබල දීම එහි නිල නොවන ඒජන්තවරුන් ලෙස කටයුතු කිරීම, ඉන්දියාවේ මුස්ලිම් අන්තවාදීන්ට විල්පත්තු හා මන්නාරම් ප්‍රදේශය භාවිත කිරීමට ඉඩ ලබා දීම හා අනාගතයේදී ඉන්දියාවට පහර දීමට විලපත්තුව හා මන්නරම යොදා ගැනීමට ජාත්‍යන්තර ඉස්ලාමික ත්‍රස්තවාදීන් සමග සැලසුම් කර මුදල් ලබා ගැනීම…ශ්‍රී පාදය, කූරගල , දෙවනගල, මුහුදු.විහාරය ඇතුලු පෞරානික බෞද්ධ සිද්ධස්ථාන අල්ලා ගැනීමට කුමන්ත්‍රණ කිරීම, නැගෙනහිර මුස්ලිම් කලාපයක් බිහි කිරීමට කුමන්ත්‍රණ කිරීම, මෙම දේශපාලකයින් හා පවුලේ අයගේ රට තුල හා විදේශ වල ඇති බැංකු ගිනුම්, ඉඩකඩම් හා දේපල හා ව්‍යාපාර පිලිබඳව සොයා බලන ලෙස හා මුදල් ඉපයූ ආකාරය , විදේශ ගමන් හා සම්බන්ධතා පිලිබදා සොයා බැලීම කර නඩු පවරා රටේ සාමය, සහජීවනය හා ඒකීය භාවය ආරක්ෂා කරන ලෙස පොලිස්පතිවරයාගෙන් එම සංවිධානය ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි,

“තම ආගමික ඉගැන්වීම් මත අන්තවාදීව සහ ජාතිවාදිව පමණක් නොව ඉතාම හිරිකිතව අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් මුළු මහත් දේශයම ආක්‍රමණයට සහ සමාජයම බෙදුම්වාදයකට යොමු කරමින් නිතී විරෝධි සමාජ විරෝධි ක්‍රියාකාරකම්වල නිරත අමාත්‍ය රිෂාද් බදුයුදීන් ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස් .එම් මරික්කාර් ,මුජිබර් රහුමාන් සහ අසාද් සාලිට එරෙහිව අපි පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා .පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ දේශපාලකයන් ගැන සොයා බලා පවුල් වල අයගේ පවා බැංකු ගිණුම් ,ඉඩකඩම් සහ ව්‍යාපාර පිළිබදව වහාම සොයා බලන්න කියලා.බලලා නඩු පවරන්න. මේ රටේ සහජීවනයත් ,ඒකියභාවයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප වෙන්න කියලා අපි කියනවා.පොලිසියට මේක කරන්න බැරි නම් මින් ඉදිරියට අපි නිල නොවන පොලිස්කාරයන් හැටියට මේ වෙනුවෙන් කැපවෙන බව කියනවා.”

 

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...