Home / Featured / මේ මොන සංහිදියාවක්ද ? සංහිදියාවට මුවා වෙලා … කැලෑ කපනවා …අළුතින් ජනාවාස ඇති කරනවා මම විරුද්ධයි …මල්වතු නාහිමි අතාවුල්ලාගේ මූණටම කියයි

මේ මොන සංහිදියාවක්ද ? සංහිදියාවට මුවා වෙලා … කැලෑ කපනවා …අළුතින් ජනාවාස ඇති කරනවා මම විරුද්ධයි …මල්වතු නාහිමි අතාවුල්ලාගේ මූණටම කියයි

සංහිදියාව යන වචනයට මුවාවී සිදු කරන මේ වැඩපිලිවෙල තමන් වහන්සේ කිසිවිටෙකත් අනුමත නොකරන බව ,සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහනාහිමියන් පවසයි.හිටපු අමාත්‍ය ඒ .එල් .එම් අතාවුල්ලා ඊයේ පස්වරුවේදී ශ්‍රි සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහනාහිමියන් මේ බව සදහන් කළා.

එහිදි අදහස් දක්වමින් සුමංගල මහනාහිමියන් වැඩිදුරටත් කියා සිටියේ සංහිදියාව යැයි කියා ගෙන පිරිසක් වෙන වෙන වැඩ සිදු කරන බවත් එය එසේ සිදු විය යුත්තක් නොවන බවයි .මේ රට තුළ සිංහල ,දෙමළ ,මුස්ලිම් සෑම ජන කොට්ඨාශයක්ම එකට ජීවත් විය යුතු බවට තමන් පිළිගන්නා නමුත් උතුරු -නැගෙනහිර රක්ෂිත එළිපෙහෙලි කරමින් අළුතින් ජනාවාස ඇති කිරීමෙන් නැති ප්‍රශ්න ඇති වන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.ඇතැම් දේශපාලඥයන් තමන්ගේ වාසි තකා මේ වැඩපිළිවෙල තුළ නිරත වන බවට උන්වහන්සේ චෝදනා කළා.

එහිදී අදහස් දක්වමින් ඒ .එල් .එම් අතාවුල්ලා පැවසුවේ යම් පිරිසක් සිංහල -මුස්ලිම් ගැටුමක් ඇති කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.බෞද්ධ ජනතාව ජීවත් නොවන තැන් වල බුදුපිළිම ඉදිකර ඇත්තේ ඒ අරමුණින් බවයි ඔහු කියා සිටියේ.

ඒ සදහා ප්‍රතිචාර දක්වමින් ශ්‍රි සුමංගල මහනාහිමියන් සදහන් කලේ අලුතින් ජනාවස ඉදිකිරීමට යෑම නිසා එයට විරුද්ධ පිරිස් මේ ආකාරයට කටයුතු කරන්නට ඇති බවයි.එම නිසා සියලු දෙනාම එකට සහයෝගයෙන් ජීවත් යුතු බවත්  කැලෑ කපමින් මේ ආකාරයට කටයුතු කළහොත් ජාතින් අතර නැති ප්‍රශ්න ඇති වනු ඇති බවයි උන්වහන්සේ අවධාරණය කලේ.

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...