Home / ප‍්‍රාදේශිය / නිර්වින්දන වෛද්‍යවරිය නිල නිවසේ ඇදමත මියගිහින් -විෂ එන්නතක් ශරීරගත කර ගෙනදැයි සැකයක්

නිර්වින්දන වෛද්‍යවරිය නිල නිවසේ ඇදමත මියගිහින් -විෂ එන්නතක් ශරීරගත කර ගෙනදැයි සැකයක්

නුවරඑළිය මුලික රෝහලේ නිල නිවසක තිබි හමුවු අභිරහස් ලෙස මියගිය වෛද්‍යවරියගේ සිරුර සමිබන්ධයෙන් නුවරඑළිය පොලිසිය පුලූල් පරික්‍ෂණයක් ආරමිභ කර තිබේ.

නුවරඑළිය මුලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කළ දිනුෂිකා හෙටිටිආරචිචි (32) අභිරහස් ලෙස ඇයගේ නිළ නිවසේ මියගොස් සිටියදි අද (23) පස්වරුවේ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ නිළ නිවස තුල මෙසේ අභිරහස් ලෙස මියයෑම සමිබන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා. එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවහා වි පසුව දික්කසාද වි තනිවම ජිවත් වන ඇය විෂ එන්නතක් ශරීරගත කර ගැනිමෙන් සියදිවි හානි කර ගත්තාද යන්න පිළීබදව පොලිසිය පරික්‍ෂණ සිදුකරනු ලබනවා. ඇය සිටි නිල නිවස තුල තවත් අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.

කැළණි ප‍්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරිය නිවාඩු ලබා හෙට (24) දිනයේ රාජකාරි සදහා වාර්තාකළ යුතුව තිබුණද අද (23) දිනයේ නිල නිවසට පැමිණ මෙසේ නිල නිවසේ ඇදමත මියගොස් සිටියදි සිරුර සොයා ගෙන තිබෙන්නේ.

ඇයගේ සිරුර සමිබන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණය අද (23) පස්වරුවේ නුවරඑළිය මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා විසින් පැවැත්වු අතර එහිදි මහේස්ත‍්‍රාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කළේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසය.

Check Also

අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

හැටන් කොටගල නගරයේ වෙළදසැල් සියල්ල අද (25.06) උදැසන සිට වසා දමා එම නගරයේ වෙළදුන් නගර ...