Home / Featured / මාස දෙකේ බිළිදිය ලක්ෂපාන ඇල්ලට විසි කර … මව සිය දිවි හානි කර ගනී …මළ සිරුරු සොයා ගැනේ

මාස දෙකේ බිළිදිය ලක්ෂපාන ඇල්ලට විසි කර … මව සිය දිවි හානි කර ගනී …මළ සිරුරු සොයා ගැනේ

ලක්‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර අද (25) උදෑසන ලක්‍ෂපාන දියඇල්ලට පහලින් තිබි නෝටන්බි‍්‍රජ් පොලිසිය හා ප‍්‍රදේශවාසින් එක්ව සොයා ගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ මාස දෙකක් වයසැති සිගිති දියණියගේ සිරුර අද (25) අලූයම ලක්‍ෂපනෙ දියඇල්ලට පහළීන් පිහිටි කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජලය නිකුත් කරන ජල ටැංකියේ ආරක්‍ෂිත දැලේ තිබි සොයා ගෙන තිබෙනවා. මෙසේ දියඇල්ලට පහලින් තිබි සොයා ගනු ලැබුවේ නෝටන්බි‍්‍රජ් ෙටිබර්ටන් වතුයායේ පදිංචි සෙල්වරාජ් සුසිලා (29)යන අයගේ සිරුරයි. ඊයේ උදෑසන 10.00 ට පමණ නෝටන්බි‍්‍රජ් කොත්තැල්ලෙන ප‍්‍රජා ශාලාවට රජය මගින් නොමිලේ ලබා දෙන ති‍්‍රපෝෂා ලබා ගැනිමට ගිය බවත් ඊයේ පස්වරුව තෙක්ම නිවසට නොපැමිණි බව පවසමින් ඇයගේ ඥාතින් විිසින් නෝටන්බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ලක්‍ෂපාන දියඇල්ලට ඉහළින් වු ටෙබර්ටන් වතුයායේ පදිංචිව සිටි මියගිය කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ කියාවක නිරත වන බවයි නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසන්නේ. නෝටන්බි‍්‍රජ් පොලිසිය මගින් අතුරුදහන්ව ඇති දෙදරු මව සහ සිගිතිය සොයා ඊයේ රාති‍්‍රයේ සිට මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර එම මෙහෙයුෙමිදි ලක්‍ෂපාන දියඇල්ලට පිවිසෙන පියගැට පෙළ අසල තිබි ඇයගේ බවට සැකකෙරෙන ඇදුමි කිහිපයක් සොයා ගෙන තිබුණා. මේ අනුව ලක්‍ෂපාන දියඇල්ලට පහළීන් පොලිසිය හා ප‍්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි සිගිතියගේ සිරුර ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය බෙදා හරින ආරක්‍ෂිත දැලක තිබි අදඋදෑසන හමුවු බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසනවා. එම සිගිතියගේ සිරුර ලක්‍ෂපාන ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර මවගේ සහ සිගිතියගේ සිරුර හදිසි මරණ පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලප්ිටිය මුලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතයි. මෙය සියදිවි හානිකර ගැනිමක් බවට සිද්ධිය පිළීබද පරික්‍ෂණ පවත්වන නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසනවා.

 

 

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...