Home / Featured / කැබිනට් සංශෝදනයට පෙර ජනපති දැවැන්ත අධ්‍යනයක් කළා … ඉදිරියේදී යළි කැබිනට් සංශෝදනයක් !

කැබිනට් සංශෝදනයට පෙර ජනපති දැවැන්ත අධ්‍යනයක් කළා … ඉදිරියේදී යළි කැබිනට් සංශෝදනයක් !

 

ඉදිරියටත් අමාත්‍යාංශ කටයුතු නිසි පරිදි සිදු නොවන්නේ නම් ,ජනාධිපතිවරයා විසින් යළි කැබිනට් සංශෝදනයක් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයා දීර්ඝ කාලයක අධ්‍යයනයක නිරත වූ බවත් ඒ සඳහා ජනතා මතවාද, පුද්ගල මතවාද මෙන්ම ජනමාධ්‍ය හරහා ලෝකයට ගෙන ගිය බොහෝ තොරතුරු පාදක කරගත් බව පැවැසූ අමාත්‍යවරයා එම දීර්ඝ අධ්‍යයනයක තුළ දී විවිධ දේශපාලන මත දරන්නන්ගේ උපදේශකත්වයටද ලක් වූ බව සදහන් කළා.

මූල්‍ය වංචා පිළිබඳවත් අමාත්‍යාංශ තුළ සිදු වූ අක්‍රමිකතා පිළිබඳවත් මහජන මතවාදවලටත් සේවක ප්‍රශ්න හමුවේ ඔවුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයා දැවැන්ත අධ්‍යයනයක, යෙදුණ බවත් පැවැසූ අමාත්‍යවරයා සිය අමාත්‍යංශ පවත්වාගෙන යෑමේදී මහජන සුබ සිද්ධිය පිණිස මැති ඇමැතිවරුන්ට කැපවන ලෙස කැබිනට් අමාත්‍ය තනතුරු පිරිනැමීමේ උත්සවයේදී කළ ප්‍රකාශයෙන් තහවුරු වන බවද කියා සිටියා.

තමාට හිමි අමාත්‍යාංශ පිළිබඳව කලකිරීමෙන් හෝ වැඩ නොකර අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති අමාත්‍යාංශ පිළිබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට නියමිත බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස් වන බවද පැවසුවා.

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...