Home / Featured / පලෙයිවලදී පොලිසියට එල්ල වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් කියා 150 ,000 හමුදා බල ඇණියක් … යොදවලා … 2009 න් පසු ත්‍රස්ත ප්‍රහාර නෑ …

පලෙයිවලදී පොලිසියට එල්ල වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් කියා 150 ,000 හමුදා බල ඇණියක් … යොදවලා … 2009 න් පසු ත්‍රස්ත ප්‍රහාර නෑ …

2009 පසු ශ්‍රි ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබද තොරතුරු වාර්තා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් පවසයි.පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.පසුගිය 18 දා කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම විමුක්ති කොටි සාමාජිකයින් විසින් සිදුකර ඇති බව ප්‍රකාශ කිරීම ගොතන ලද කතාවක් බවත් රට තුල ත්‍රස්තවාදය ප්‍රතිසංන්ධානය වී ඇති බව පවසා, උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදා සෙබළුන් 150,000ක් පමණ රාජකාරි සඳහා යොදවා ඇති බවද ඔහු පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රිධරන් මන්ත්‍රිවරයා ,

“මෙම අවස්ථාවේදී, 2017.05.18 වන දින කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම විමුක්ති කොටි සාමාජිකයින් විසින් සිදුකර ඇති බව ප්‍රකාශ කිරීම ගොතන ලද කතාවක්.

මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනයේදී මෙම පොලිස් මෙහෙයුමේ යෙදී ‍සිටි නිල රථයට වෙඩි වෙඩිතැබීම සිදුවී ඇත. මෙම අවස්ථාවේදී, 2017.05.19 වන දින පලෙයි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා පොලිසිය සහ හමුදා සාමාජිකයින් වැඩි වශයෙන් යොදවා තිබූ බවට දැකගැනීමට තිබුණි.

සත්‍ය වශයෙන්ම, රටේ විවිධ ප්‍රදේශයන්හි වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා විය. මෙම සිදුවීම් වලදී බොහෝ පිරිසක් ජීවිතක්‍ෂයකට පත්විය. පලෙයි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පොලිසියේ කිසිවෙකුටත් තුවාලයක් සිදුවී නොමැත. මෙම වෙඩි තැබීම ටී56 ගිනි අවියකින් සිදුකර ඇති බවට පොලීසිය විසින් සිදුකල පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මෙවැනි තත්වයක් යටතේ නැවත රට තුල ත්‍රස්තවාදය ප්‍රතිසංන්ධානය වී ඇති බව පවසා, උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදා සෙබළුන් 150,000ක් පමණ රාජකාරි සඳහා යොදවා ඇත. මෙම අවස්ථාවේදී, පලෙයි ප්‍රදේශයේ රථවාහන සෝදිසි මෙහෙයුමේ යෙදී සිටි පොලිස් නිලධාරින් වෙත විමුක්ති කොටි විසින් කෙසේ ප්‍රහාර එල්ල කල හැකිද?

තවද, යහපාලනය සහ සහජීවනය යනුවෙන් පවසා සිටින මෙම රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතනක් ගෙනඒම සඳහා කටයුතු කරමින් සිටියි. ඒ සමග දේශපාලන රැඳවියන්ගේ කරු‍ණ තුල රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. රාජ්‍ය නායකයින් දේශපාලන රැඳවියන් නිදහස් කිරීම සඳහා ඉදිරිපත් විය යුතුය. මේ අතර, පූංකුඩුතිව් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ විත්‍යාගේ ඝාතන නඩුව යාපනය අධිකරණයේම විභාගයට ගැනීමට කටයුතු සලසාදීම පිළිබඳව රජයට ස්තූතිය පලකර සිටින්නෙමි.

පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණ කටයුතු මන්දගාමි ලෙස සිදුවනු ඇත. තවද, මෙම විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය විසින් වෙඩි තැබීමට හේතුව කුමක්ද? යන්න පවා මේ වනතෙක් අනාවරණය කර නොමැත”

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...