Home / Featured / මුලතිව් දක්වා ගිය පෞද්ගලික බස් රථයක පුපුරණ ද්‍රව්‍ය තොගයක්-පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

මුලතිව් දක්වා ගිය පෞද්ගලික බස් රථයක පුපුරණ ද්‍රව්‍ය තොගයක්-පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මුලතිව්හිදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලීසිය සදහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගල් අටක් දිගැති ඩයිනමයිට් කරල් 8ක්, ඩෙටනේටර් 20 ක්, අඩිය බැගින් වූ සේවා නූල් 5 ක් ඇතුළු උපකරණ කිහිපයක් වන අතර මුලතිව් පොලීසියට ලද තොරතුරකට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාර්ගයේ රැකවල් යොදා අදාළ බස් රථය පරීක්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීබ් හසන් හා රහුමාන් මහ්දුල්ලා නමැත්තන් බවයි පොලිසිය සදහන් කළේ.මුලතිව් පොලිසියේ Police HQ OIC, Chief inspector ලාල් චන්ද්‍රසිරිගේ මුලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පරික්ෂන කටයුතු මෙහෙයවයි.

Explosive material

ඉහත ඡායාරූපයේ ඇත්තේ අත් අඩංගුවට ගත් පුපුරන ද්‍රවය නොවන බව කරුනාවෙන් සලකන්න 

 

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...