Home / ප‍්‍රාදේශිය / නායයෑමේ අවධානමක් – හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

නායයෑමේ අවධානමක් – හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ගැනිම හේතුවෙන් එම ගොඩනැගිල්ලට පහළින් වු නිවාස දෙකක පදිංචිකරුවන් සහ එම ගිලා බැසිමට පටන් ගෙන ඇති ස්ථානයේ ප‍්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍රම මහතා පැවසුවා.

අද (06.06) පස්වරු 5.00 සිට මෙම ගිලා බැසිම සිදුවි ඇති බව ගිනිගත්හෙන් පොලිසිය පවසනවා. තාවකාලිකව ඉවත් කළ නිවාස දෙකක පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්ථානයකට යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්ෂ

ROAD CLOSED

නායයෑමේ අවධානමක් – හැටන් කොළඹ ප‍්‍රධාන… by LNA

Check Also

අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

හැටන් කොටගල නගරයේ වෙළදසැල් සියල්ල අද (25.06) උදැසන සිට වසා දමා එම නගරයේ වෙළදුන් නගර ...