ත්‍රස්තවාදීන් සැමරීමට බාධා කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරීමක් …රටේ නිතීය මෙහෙමයි …තවදුරටත් බාධා එපා !!! …සංහිදියාව කරා යන ගමනේ මේ සදහා ඉඩ ලබා දෙන්න

0

තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්,එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන එම අයිතිය අහිමි කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින්දැනුම් දෙනවා.යුද්ධය පැවති කාල සීමාවේදී ජීවිතය අහිමිවූවන් අනුස්මරණය කිරීමට මුලතිව්හි සංවිධානය කළ වැඩසටහනෙන් පසු ආරක්ෂක අංශවලින් එන බව කියන බලපෑම් සම්බන්ධයෙන් එලිල් රාජේන්ද්‍රන් පියතුමන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට මේ බව දැනුම්දී තිබෙනවා.

රාජේන්ද්‍රන් පියතුමන් සිදු කල පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වන්නේ , මුලතිව් අනුස්මරණෝත්සවය ගැන පොලිසිය විසින් විවිධ පොලිස් ස්ථානවලදී සහ නිවසේදී පුන පුනා ප්‍රශ්න කිරීම හිංසාවක් බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රකාශිතව පිළිගනු ලබන යාම්ඊම්, භාෂණයේ හා සමාගමයේ ස්වකීය නිදහසට එමගින් බාධා පැමිණෙන බවත්, තම වියපත් දෙමාපියන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීම නිසා ඔවුන් ද සිත්තැවුලට පත්ව ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්.

එම සැමරුම් සදහා බාධා එල්ල කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි දීපිකා උඩගමගේ අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

තම ප්‍රියයන්ගේ විප්‍රයෝගය ගැන ශෝකවීම සහ ඔවුන් අනුස්මරණය කිරීම සදහා අවකාශය සහ හැකියාව සියලුම ප්‍රජාවන් සතු වීම වැදගත් බව කියන මානව හිමිකම් කොමිසම එවන් ක්‍රියාදාමයකට අවකාශය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විදීමට හැකිය යන විශ්වාසය අදාළ පවුල් තුළ ගොඩ නැගෙන බව ද පෙන්වා දෙයි. එය සංහිදියාව කරයා යන පොදු ගමනේ එක් අංගයක් වන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.