Home / Featured / ගිනී තිබ්බේ බොදුබල සේනා ක‍්‍රියාකාරි සමාජිකයෙක්-නෑ අපේ සම්බන්ධයක් නෑ BBS

ගිනී තිබ්බේ බොදුබල සේනා ක‍්‍රියාකාරි සමාජිකයෙක්-නෑ අපේ සම්බන්ධයක් නෑ BBS

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මේ වනවිට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් අදාල සැකකරුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

සැකකරු 2004 වසරේ සිට මෙම පුද්ගලයා බොදු බල සේනා සංවිධානය සමග එක්ව ක‍්‍රියාකාරී ලෙස එම සංවිධානයේ කටයුතුවලට දායකත්වය ලබා දී තිබේන අතර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම සංවිධානය විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වන ලද උද්ඝෝෂණ සහ විරෝධතා පෙළ පාලිවලට ද මෙම පුද්ගලයා සක‍්‍රිය ලෙස දායක වී ඇති බවයි.

මේ අතර පොලිසියේ ප්‍රකාශය සම්බන්ධයෙන් විඩියෝවක් නිකුත් කරමින් බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ සදහන් කරන්නේ නුගේගොඩ ප්‍රදේශයේ සිදුවූ ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීම්වලට බොදු බල සේනා සම්බන්ධතා පිලිබදව කියැවෙන ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බවයි.

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...