Home / Featured / ගහන්න අත්පුඩියක් !!! රණවිරුවන්ගේ විත්ති වාචකය ගැන එක්සත් ජාතීන්ගෙන් කොළ එළි … ආණ්ඩුව බෑ …බෑ …කිදේ සරත් වීරසේකර කරලාම පෙන්නයි !!!

ගහන්න අත්පුඩියක් !!! රණවිරුවන්ගේ විත්ති වාචකය ගැන එක්සත් ජාතීන්ගෙන් කොළ එළි … ආණ්ඩුව බෑ …බෑ …කිදේ සරත් වීරසේකර කරලාම පෙන්නයි !!!

ශ්‍රි ලංකාවේ යුධ අපරාධ සිදු නොවූ බවට විදේශිය විශේෂඥයන් විසින් සකස් කල වාර්තා කිසිවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට මෙරට බළධාරීන් කටයුතු කර නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.කැස්බෑව බලමුළුවේ දේශනයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රි ලංකාව යුධ අපරාධ සිදු නොකළ බවට විදේශිය විනිසුරුවරුන්ගේ වාර්තා 07 ක් ඉදිරිපත්වී ඇති නමුත් විදේශිය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර එම වාර්තාවන් කිසිවක් ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් නොකළ බවට ඔහු චෝදනා කරනවා.එම වාර්තාවන් අප පසුගිය මාර්තු මාසයේදී ඉදිරිපත් කල බවත් ඒවා නිල වශයෙන් භාර ගත් බවට අපට දැනුම්දී ඇති බවද ඔහු සදහන් කළා.

ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ සිදු නොකල බවට දැක්වෙන වාර්තාවක් (රණවිරුවන්ගේ විත්ති වාචකය ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සරත් වීරසේකර පසුගියදා කටයුතු කරන ලදී.අදාළ වාර්තාව භාර ගත් බවට මේ වන විට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර ,

“අපි විද්වත් මණ්ඩලයක් පත් කරලා අපේ රටට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා.උදාහරණයක් විදියට උතුරු පළාතේ දෙමළ ජනතාවට බඩු ප්‍රවාහනය වැළැක්වූවා කියන චෝදනාවට .අපේ ළග තියනවා ඇමරිකානු තානාපතිවරයා සහ ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ,ලෝක ආහාර සංවිධානය මේ සියල්ලක්ම එකතුවෙලා ආහාර ටොන් ගණන් උතුරට යවපු වාර්තා ,සංඛ්‍යා ලේඛන අපි ළග තිබුණා.එයින් ඒ චෝදනාව නිෂ්ප්‍රභා වෙනවා.දැන් මේ වාර්තාව මම පිළිගැන්වූවා.දැන් මේකේ තියන වැදගත්කම තමා ඒක ලැබුණා කියලා අපිට දැන්වීම.සෙයිද් හුසෙන්ගේ වාර්තාව අසත්‍ය වාර්තාවක් නිසා ඒක ඔප්පු වුණොත් ඒක මත පිහිටා අපේ රටට එරෙහිව ජිනීවා වල යෝජනාවූ සියළු යෝජනා ඇත්තටම ඵල රහිත වෙනවා.අහෝසි වෙනවා.”

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...