Home / Featured / ඥානසාර හිමියන් ප්‍රචණ්ඩත්වයට යොමු කලේ චම්පිකයි,රතන හිමියි- ආණ්ඩුවයි,විපක්ෂයයි ඉන්නේ වැරදි වැටහිමක

ඥානසාර හිමියන් ප්‍රචණ්ඩත්වයට යොමු කලේ චම්පිකයි,රතන හිමියි- ආණ්ඩුවයි,විපක්ෂයයි ඉන්නේ වැරදි වැටහිමක

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වගකිව යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ පවසයි.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඩිලන්ත විතානගේ සදහන් කළේ චම්පික රණවක අමාත්‍යවරයා සහ රතන හිමි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ඥානසාර හිමියන් උනන්දු කළ බවත් වර්තමානයේ අත්විඳින්නේ එහි අනිටු විපාක බවත් ඔවුන් දෙදෙනා ඇතුළු ජාතික හෙළ උරුමය විසින් දේශපාලන වුවමනාවන් සඳහා ඥානසාර හිමි භාවිතා කළ බවවත් එම වගකීමෙන් ඔවුන් දෙදෙනාට කිසිසේත් නිදහස් විය නොහැකි බවටද චොදනා එල්ල කළා.

“එක් අතකින් රජය, හිටපු ආරක්ෂක ලේකම්වරයා 2020 දී බලයට ගෙනඒමට බොදුබල සේනා සංවිධානය පිඹුරුපත් සකස් කරන බවට චෝදනා කරනවා… අනෙක් පැත්තෙන් අමාත්‍ය චම්පික රණවක මහතාට බලයට ඒම සඳහා බොදුබල සේනා සංවිධානය අවශ්‍ය මාර්ගය සකස් කරන බව කියමින් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.”

එහෙත් සැබෑ තත්වය කුමක්ද යන්න ආණ්ඩුවටවත් විපක්ෂයවටත් වැටහීමක් නොමැති බව ද ඔහු අවධාරණය කළා.

Bodu Bala Sena

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...