Home / Featured / විග්නේෂ්වරන්ට සහය දුන් හර්තාලයට රාජ්‍ය ආයතනත් වැසේ!- විශ්වාසභංගය යළි කැඳවීමට ITAK කොන්දේසි දමයි

විග්නේෂ්වරන්ට සහය දුන් හර්තාලයට රාජ්‍ය ආයතනත් වැසේ!- විශ්වාසභංගය යළි කැඳවීමට ITAK කොන්දේසි දමයි

පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් අද උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කලා.හර්තාලය ක්‍රියාත්මක වන කාලය තුල එයට සහය දක්වන ප්‍රධාන අමාත්‍යවරයාගේ යාපනයේ පිහිටි නිවස අසලට පැමිණි ජනතාව අමතමින් සී වී විග්නේෂ්වරන් සදහන් කළේ “මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා” යනුවෙනි.

“වාර්තාවට අනුව මට කටයුතු කරන්න පුලුවන් ආකාර දෙකක් තියෙනවා.එකක් තමයි ඒ අයව ආරක්ෂා කරන එක …අනිත් එක ඒ අයට දඩුවම් කරන එක ඒ දෙකෙන් මොකක් කලත් මේ අය එක වාසියට හරවා ගන්නවා….”

“මම වැරදි කාරයන්ව ආරක්ෂා කරලා තිබුනෝත් මම ඒ අයව ආරක්ෂා කළා කියලා චොදනා කරනවා.දඬුවම් දෙන්න කටයුතු කරන කොට විස්වාසභංග ගෙනල්ලා…ඒ නිසා විශ්වාසභංග ගැන මට කිසිම දුකක් නෑ ….”

මේ අතර අප යාපනය විශේෂ වාර්තාකරු සදහන් කළේ මහ ඇමතිවරයාට සහය පලකරමින් ක්‍රියාත්මක වු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් රාජ්‍ය ආයත වසා දැමිම බරපතල ප්‍රශ්ණයක් වු බවයි.හර්තාල ව්‍යාපාරයට සහය දක්වමින් යාපනයේ රාජ්‍ය බැංකු පවා වසා දමා තිබේනවා.ප්‍රදේශයේ සියලු පාසල්, සාප්පු සංකීර්ණ වසා දමා තිබුණු අතර පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාද නවතා දමා තිබිණි. 

මේ අතර උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් විසින් පළාත් සභාවේ චෝදනා එල්ලවූ අමාත්‍යවරුන් සිව්දෙනාගෙන් වැරදිකරුවන් බවට තහවුරු වූ දෙදෙනා පමණක් ඉවත්කිරීමට කටයුතු කරන්නේනම් විශ්වාසභංගය යළි කැඳවීමට තම පක්ෂය සුදානම් බව ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සදහන් කර තිබේ.

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...