Home / Featured / සෙන්පති සරත් ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….හමුදාව ජන සංහාරකයින් බව ප්‍රකාශ කල ඩයස්පෝරා කුක්කන්නට මුල මතක් කර දෙයි !!!

සෙන්පති සරත් ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….හමුදාව ජන සංහාරකයින් බව ප්‍රකාශ කල ඩයස්පෝරා කුක්කන්නට මුල මතක් කර දෙයි !!!

යුධ අපරාධ සිදුකල බවට චෝදනා එල්ලවන මෙරට හමුදාවන් එල් .ටි .ටි .ඊ ත්‍රස්තවාදීන්ගේ ළගම ඥතීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ලබා ගැනීමේ කමිටුවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගෙනඑනු ලබන යෝජනාවට අදහස් ලබා ගැනීමට පැවැත්වූ කමිටු රැස්වීමක් ජිනීවා නුවර පැවැත්වුණා.

මානව හිමිකම් කවුන්සිල පැති සාකච්ඡාවේදී, සුපුරුදු ලෙසින් කොටි ඩයස්පෝරාවේ අපමණ බාධාකිරීම් හමුවේ සෙන්පති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ශ්‍රි ලංකා යුධ හමුදාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.මේ සාකච්ඡාවට කොටි ඩයස්පෝරා සාමාජිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියා.

ඒ සදහා එක්වෙමින් සරත් වීරසේකර කියා සිටියේ මෙරට හමුදාව දෙමළ ජනතාවට උපකාර කර ඇති බවයි.දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම සදහා සිය ජිවිත පරදුවට තබා කටයුතු කල බව පෙන්වා දුන් සරත් වීරසේකර කියා සිටියේ ශ්‍රි ලංකා හමුදාවට මෙලෙස චෝදනා එල්ල කිරීම සුදුසු නැති බවයි.

ශ්‍රි ලංකා හමුදාව දෙමළ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කල බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ නිසා මෙවැනි චෝදනා නොකරන ලෙසට සරත් වීරසේකර එහිදී ප්‍රකාශ කළා.

එහිදී රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙක් සදහන් කලේ තමා යාපනයේ ප්‍රදේශයේ ජීවත් වූවෙක් බවත් ශ්‍රි ලංකා හමුදාව ජන සංහාරකින් බව තමා ප්‍රකාශ කරන බවයි.හමුදාව විසින් අපේ ප්‍රදේශවලට පැමිණ මුදල් ඉල්ලා තර්ජනය කල බව පැවසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ සල්ලි නොදුන් විට ජනතාව මරා දැමීමට ඒ අය කටයුතු කල බවයි.

ඒ සදහා ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර පැවසුවේ එය සම්පූර්ණයෙන් අසත්‍ය චෝදනාවක් බවයි.එවැනි ආකාරයේ පට්ටපල් බොරු නොකියන ලෙසට සරත් වීරසේකර අදාළ නියෝජිතයාට දැඩි ලෙස කියා සිටියා.

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...