Home / Featured / දෙරණේ අමු කෙප්ප ඇද බෑ NGO නඩයට ජනපතිගෙන් උත්තර ….පල්ලි 166 ක් බෞද්ධ භික්ෂුන් කැඩුවායි කියන්නේ අමු බොරුවක්

දෙරණේ අමු කෙප්ප ඇද බෑ NGO නඩයට ජනපතිගෙන් උත්තර ….පල්ලි 166 ක් බෞද්ධ භික්ෂුන් කැඩුවායි කියන්නේ අමු බොරුවක්

අද රට තුළ ජාතිවාදි ගැටුම් ඇති කිරීමට පිරිසක් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. මහනුවර අස්ගිරිය පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සිංහල ,දමිළ ,ඉස්ලාම් ,කතෝලික මේ සෑම ආගම් තුළම නොසන්සුන්තාවයක් ඇති කිරීමට මෙන්ම ගැටුම් ඇති කිරීමට අන්තර්ජාලය ,ෆේස්බුක් කටයුතු කරන බවටද ජනාධිපතිවරයා චෝදනා කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

“මීට පෙර දිනක සන්ද්‍යාවේ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනයක තිබුණා වැඩසටහනක්.මම ඒක බලාගෙන හිටියේ.ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ කතෝලික මුස්ලිම් පල්ලි 166 කට පහර දීලා තියනවා කියලා.ඒ නිවේදකයා ඇහුවා ඔබතුමා වගකීමකින්ද මේ බව ප්‍රකාශ කරන්නේ කියලා.ඒ පුද්ගලයා කියනවා පල්ලි 166 පහර දිලා කියලා.මම ඇහුවා අගරදගුරු තුමාගෙන් මේ ගැන ඇත්ත මොකක්ද කියලා.මේ කතාව ඇත්තද කියලා මම ඇහුවා.උනහන්සේ කිව්වා ඒ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් වාර්තා වෙලා නෑ කියලා. කාදිනල් හිමිපාණන් කිව්වා එහෙම දෙයක් සිදු නොවුණ බවට තමා ප්‍රසිද්ධියේ මාධ්‍යට ප්‍රකාශ කරන්නම් කියලා. අපි ජාතික සංහිදියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ ඉදිරියට යෑමේදී ඊට එරෙහි පිරිස් නොයෙක් ආකාරයට රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පේනවා.”

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙනුයි ජනාධිපතිවරයා මෙලෙස අදහස් ප්‍රකාශ කලේ.

තමන් ඒ ගැන අගරදගුරු තුමාගෙන් විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියා.

අදාළ වැඩසටහන සදහා පුරවැසිබලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩද එක්වී සිටී අතර ඔහුද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

(උපුටා ගැනීම )

 

ඥානසාර භික්ෂුවගේ ක්‍රියාකලාපය අනුමත කරන්න බෑ …මේ අවුරුද්දේ මේ වෙනකොට පල්ලි 25 ක් කඩලා ….කඩපු එක පන්නසලක් තියනවාද ? නෑ ….තියේ නම් මට පෙන්නන්න

ගලගොඩඅත්තේ ඥානසාර කියන භික්ෂුව ආගම් ,පොලිසිය සහ අධිකරණය සම්බන්ධයෙන් පුද්ගලිකව අදහස් දක්වන බවත් ඒ හරහා සිදු වන්නේ අපහාසයක් බව ,’පුරවැසි බලයේ’ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ පවසයි.දෙරණ රූපවාහිනියේ විකාශයවූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන හා එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

2017 අප්‍රේල් 15 සිට ජුනි 06 දක්වා මුස්ලිම් පල්ලි සහ දේපළ වලට පහර දීමේ සිදුවීම් 25 ක් වාර්තාවී ඇති බවත් එකදු විහාරයකට හෝ ප්‍රහාරයක් එල්ලවී ඇත්නම් තමන්ට පෙන්වන ලෙසටද ගාමිණි වියන්ගොඩ එහිදී සදහන් කළා.

මේ සාකච්ඡාව සදහා නීතීඥ ලක්ෂාන් ඩයස් සහභාගිවූ අතර ඔහුද පවසා සිටියේ ,දිගින් දිගටම කිතුණු සහ මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර දීම් වාර්තා වන බවයි.මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොවන බවටද ඔහු චෝදනා කළා. ඔහු චෝදනා කලේ මේ පහරදීම් පිටුපස බෞද්ධ භික්ෂූන් සිටින බවයි. මාධ්‍ය මගින් මේ සිද්ධින් වාර්තා නොවන බවත් පොලිසිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා මේ තත්වය උග්‍රවී ඇති බවයි ඔහු කියා සිටියේ.

(උපුටා ගැනීම අවසන් )

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *