Home / Featured / හැමදේටම සිංහල බෞද්ධයාට චෝදනා කරන්න එපා ….අද වැඩිපුරම බැට කන්නේ බෞද්ධ භික්ෂුව ….නිතී ගෙනල්ලා කොටු කිරිමෙන් ජාතියට ඇති ආදරය තව තවත් වැඩි වෙනවා !!!

හැමදේටම සිංහල බෞද්ධයාට චෝදනා කරන්න එපා ….අද වැඩිපුරම බැට කන්නේ බෞද්ධ භික්ෂුව ….නිතී ගෙනල්ලා කොටු කිරිමෙන් ජාතියට ඇති ආදරය තව තවත් වැඩි වෙනවා !!!

අද හැම දෙයකින්ම වැඩියෙන්ම බැට කන්නේ බෞද්ධ භික්ෂූන් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. මාතර පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.බෞද්ධ භික්ෂූන් මෙන්ම රට බේරා ගත් රණවිරුවන්ද මේ වන විට  මහා අසරණතාවයකට පත්ව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කලේ.

විවිධ ආකාරයේ අභූත චෝදනා නගමින් රණවිරුවන් හිර ගත කර ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ගංවතුර ඇතිවූ අවස්ථාවේදී මහා සංඝරත්නය සහ රණවිරුවන් කල සේවය අමතක කල නොහැකි බවයි. 

එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ,

“අළුතින් නීති හදලා අපේ ජාතියට ,ආගමට තියන ආදරය නැති කරන්න හදනවා නම් ඒකෙන් සිදු වෙන්නේ ආදරය තව තවත් වැඩි වෙන එක විතරයි. සියළු දෙනා එකිනෙකාට ගරු කිරීම හරහා පමණයි ,ආණ්ඩුවක් එක විදිහකට හැමෝටම සලකනවා නම් විතරයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ.ඔහුගේ ආගමද ,ඔහුගේ ජාතියද වෙන එකක්ද කියන එක නෙමේ රජයක් විසින් සැලකිය යුත්තේ.එක කට්ටියකට එක විදිහකටත් තව කට්ටියකට වෙන විදිහකටත් සලකන්න ගියාම තමා මේ ප්‍රශ්න හැම එකක්ම ඇති වෙන්නේ. හැම එකකටම මහ ජාතියට චෝදනා කරලා මේ ප්‍රශ්න විසදන්න බෑ.මගේ පෞද්ගලික මතය නම් හැමෝටම සලකන්න ඕන.එක ජාතියක් අල්ලාගෙන ඒ අයට චෝදනා කරන්න එපා .”

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...