Home / Featured / රටට ගංවතුර ගැලුවේ විපක්ෂය පොල් ගහපු නිසා ….ජනාධිපතිටයි …අගමැතිටයි හූනියම් කරනවා ….යන්ත්‍ර මන්ත්‍ර කරලා වට්ටන්න හදනවා

රටට ගංවතුර ගැලුවේ විපක්ෂය පොල් ගහපු නිසා ….ජනාධිපතිටයි …අගමැතිටයි හූනියම් කරනවා ….යන්ත්‍ර මන්ත්‍ර කරලා වට්ටන්න හදනවා

රට තුළ සිදුවන ස්වභාවික ආපදා නිසා ජනතාවට ජිවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ පසුගිය කාලය පූරාවටම විපක්ෂ මන්ත්‍රිවරුන් දේවාලයක් ,දේවාලයක් පාසා ගොස් පොල් ගැසීම් සිදු කල නිසා බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. වලස්මුල්ල පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“විපක්ෂයේ සාමාජිකයෝ අද උතුරුමැද පළාතේ හොරොව්පතාන ආසනයට ගිහිල්ලා අපේ ජනාධිපතිතුමාට විරුද්ධව හූනියම් කරනවා.අපේ අගමැතිතුමාට විරුද්ධව හූනියම් කරනවා.මෙන්න අද විපක්ෂයේ කාර්යභාරය.ගංවතුරෙන් විපතට පත් වුණේ රටේ ජනතාව.රටේ ජනතාව විපතට පත් වෙන්න හේතුව තමා එදා විපක්ෂය ගිහිල්ලා රටට විරුද්ධව ,රටේ ජනතාවට විරුද්ධව දේවාලයක් දේවාලයක් පාසා පොල් ගැහුවා.දැන් ඒවා වලින් රජය වෙනස් නොවුණ නිසා ජනාධිපතිතුමාගේත් ,අගමැතිතුමාගෙත් ඡායාරූප ගෙන ගිහින් සොහොන් භූමියක් පසා ගිහින් අද හූනියම් කරනවා.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මිනිස්සුන්ගේ ජන ජිවිත වෙනස් වෙන්නේ නෑ.මැතිවරණ ජයග්‍රහණය කරවීමෙන් පමණයි රජයවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.ඕවා කරනකොට හොදට මතක තියා ගන්න ඕන ඕවා පෙරලා ආපහු තමන්ටම එනවා.යන්ත්‍ර මන්ත්‍ර කරන්න ඔය නින්දිත ක්‍රියාවලියේ යෙදෙන්නේ නැතුව කරුණාකරලා ඒ වැය කරන ශ්‍රමය ,ධනය ,කැපවීම එකට එකතු කරලා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන දෙන්න.

එතුමන්ලා දැන් මේ රටේ අවුරුදු 10 ක් රාජ්‍ය බලය හෙබවූවා.ඒ කාලේ කරන්න පුළුවන් හොරකම් සියල්ලක්ම කළා.පිටරට බැංකු ගිණුම්වල ඩොලර් ගණන් තියනවා.පිටරට බැංකු ගිණුම්වල ඩොලර් ගණන් තියන සල්ලි ටික කරුණාකරලා අපේ රටට ගෙනල්ලා විපතට පත් ජනතාවට උදව් කරන්න. “

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...