Home / Featured / අලුත් පාර්ලිමේන්තුවේ බොරු කී .. නීතිඥ ලක්ෂාන් ඩයස්ට පැය 24ක් දෙයි-නැත්නම් නීතිඥ වෘත්තියෙන් දොට්ට

අලුත් පාර්ලිමේන්තුවේ බොරු කී .. නීතිඥ ලක්ෂාන් ඩයස්ට පැය 24ක් දෙයි-නැත්නම් නීතිඥ වෘත්තියෙන් දොට්ට

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් නැතහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බවයි.

අද (17) කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට ටී.වී දෙරණ ආයතනයේ “අලුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට එක්වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

දෙරණේ අමු කෙප්ප ඇද බෑ NGO නඩයට ජනපතිගෙන් උත්තර ….පල්ලි 166 ක් බෞද්ධ භික්ෂුන් කැඩුවායි කියන්නේ අමු බොරුවක්

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...