Home / Featured / ඥානසාර හිමිට බෞද්ධ ජනතාව සහ භික්ෂූන් කැමති නෑ ….උන්වහන්සෙගේ හැසිරීම බෞද්ධයන්ට ගැළපෙන්නේ නෑ ….

ඥානසාර හිමිට බෞද්ධ ජනතාව සහ භික්ෂූන් කැමති නෑ ….උන්වහන්සෙගේ හැසිරීම බෞද්ධයන්ට ගැළපෙන්නේ නෑ ….

ඥානසාර හිමිගේ ක්‍රියාකලාපයට රටේ බෞද්ධ ජනතාව තුළ මෙන්ම මහා සංඝරත්නය තුළ කැමැත්තක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

බෞද්ධ ආගමට ගැළපෙන ලෙස කටයුතු කරමින් ශාසනය දියුණු කිරීමට සහය දක්වන ලෙසට ඥානසාර හිමිගෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම වළකමින් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු උන්වහන්සේට රැකවරණය ලබා දෙමින් සිටින බව කියන චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

ඒ සදහා පිළිතුරු ලබා දෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ චෝදනා එල්ලවී ඇති චම්පික රණවක අමාත්‍යවරයා එවැනි ආකාරයේ කටයුතු වල නිරත නොවන බව තමා හොදින්ම දන්නා බවයි.

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...