Home / Featured / විග්නේෂ්වරන් අයින් කරන්න තිබුනේ මිට කලින් – උතුරු පළාතට වෙනම් නීතියක් බෑ

විග්නේෂ්වරන් අයින් කරන්න තිබුනේ මිට කලින් – උතුරු පළාතට වෙනම් නීතියක් බෑ

“විග්නේෂ්වරන්ව ඉවත් කළ යුත්තේ උතුරු පළාත් සභාව මගින් මේ රටේ සාමයට, ඒකීයභාවයට සහ ස්වාධීනත්වයට හානි වෙන ආකාරයේ යෝජනා සම්මත කල අවස්ථාවේදි බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසයි.

මහජන පුස්තකාලයේ පැවැති උත්ස්වයකින් පසුව මාධ්‍ය යොමුකල පැනයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ සදහන් කළේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බවයි.

“යම් යම් චෝදනා තියෙන ඇමතිවරුන් ඉවත් කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරන්නේ විග්නේෂ්වරන්ව ඉවත් කළ යුත්තේ ඔය කියන කාරණාව මත නෙමෙයි. මීට පෙර උතුරු පළාත් සභාව මගින් මේ රටේ සාමයට, ඒකීයභාවයට සහ ස්වාධීනත්වයට හානි වෙන ආකාරයේ යෝජනා සම්මත කළා. ඒ වෙලාවේ මන්තී‍්‍ර ධර්මපාල සෙනෙවිරත්න විතරයි ඊට විරුද්ධව හිටියේ.”

බොදු බල සේනාව පෝෂණය කලාද යනුවෙන් ඇසු පැනයට පිලිතුරු දුන් බැසිල් රාජපක්ෂ සදහන් කළේ

“බොදු බල සේනාව මට බැනපු ඒවත් ඕන තරම් තියෙනවා හොයාගෙන බලන්න” යනුවෙනි.

no separate rule for north province… by LNE

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...