Home / Featured / විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානය පුපුරුවයි -දෙමළ පක්ෂ TNA අතහැර යයි

විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානය පුපුරුවයි -දෙමළ පක්ෂ TNA අතහැර යයි

උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ITAK හෙවත් ඉලංගයි තමිල් අරසු කච්චි පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයෙන් (TNA)ඉවත් විමට සන්ධානයේ පාර්ශව පක්ෂ සුදානම් බව TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.ITAK සමග ද්‍රවිධ සන්ධානය නියෝජනය කරන පක්ෂ 3ක් එම සන්ධානයෙන් ඉවත් වි වෙනම කටයුතු කිරීමට තීරණය කර තිබේන බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ.

යම් හෙයකින් සන්ධානයෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේත් පළාත් සභාවත් නියෝජනය කරන එම පක්ෂ නියෝජිතයින් ද වෙනම කටයුතු කරනු ඇති බවද ඔහු සදහන් කරනවා.ඒ හරහා දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීම හැර වෙනත් කිසිවක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ ඊ.පී.ආර්.එල්.එෆ් ,ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයම රැස්වී සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති අතර පක්ෂ ත්‍රිත්වය සිටින මෙම ස්ථාවරය පිළිබද සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ටත් තමිල් අරසු කච්චි පක්ෂයටත් පැහැදිලිව දැනුම් දුන් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයට අනුව මහ ඇමතිවරයා විසින් පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගත් තීරණය සාධාරණ බවත්, මෙය හේතුකොට ගනිමින් තමිල් අරසු කච්චි පක්ෂය මූලිකත්වය ගනිමින් මහ ඇමතිවරයා ඉවත් කිරීම සදහා විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් එම ක්‍රියාකලාපය සන්ධානයේ සෙසු පක්ෂ ත්‍රිත්වයම හෙලා දකින බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පෙන්වා දෙනවා.

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *