Home / Featured / කුණු නිසා ගිලිහි යන දේශපාලන බලය රැක ගැනිමට දිගමිබරමි බාල් නටයි- තොන්ඩමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කුණු නිසා ගිලිහි යන දේශපාලන බලය රැක ගැනිමට දිගමිබරමි බාල් නටයි- තොන්ඩමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හැටන් නගරයේ මාස හතරකට අධීක කාලයක් පවතින කැළි කසල බැහැර කිරිමේ ගැටලූවට ස්ථිර විසදුමක් ලබා දිම පසකලා හැටන් නගරයේ ගිලිහෙමින් පවතින කමිකරු ජාතික පෙරමුණේ නායක හා කදුරට නව ගමිමාන වතුයටිතල පහසුකමි හ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරමි මහතා අද (18.06) හැටන් නගර මධ්‍යයේ සිය ආධාරකරුවන් සමග නර්ථනයේ යෙදමින් යතුරුපැදි සන්දර්ශන පැවැත්විම ප‍්‍රදේශවාසින්ගේ දැඩි දෝෂාරෝපනයට ලක්වි තිබෙනවා.

අද (18.06) හැටන් නගරයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වු උත්සවයකට සහභාගි වු අමාත්‍ය පලනි දිගමිබරමි හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසල සිට අමාත්‍ය මනෝගනේෂන් සමග වාහනය නැගි ආධාරකරුවන් සමග හැටන් සමනළ හන්දිය දක්වා පැමිණ සිය ආධාරකරුවන් සමග නගර මධ්‍යයේ නර්තනයේ යෙදමින් උත්සවය පැවති භූමිය වෙත පැමිණියා.

හැටන් නගරයේ මාස තුනක පමණ කාලයක් කැළි කසල බැහැර කිරිමට ඉඩමක් නොමැති විම නිසා හැටන් දික්ඔය නගර සභාව මගින් එම කැළි කසල හැටන් නගර මධ්‍යයේ ප‍්‍රධාන මාර්ග වල හා මහජන වෙළදපොලේත් රථගාල් වලත් ගොඩ ගසා තිබිම හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හා විශාල පරිසර හානියක් සිදුවි තිබුණා. මෙම කැළි කසල ප‍්‍රශ්නය තාවකාලිකව විසදිම සදහා ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහා ලේකමි හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිෙමින්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් එක්රැස්වි තිබු කැළිකසල ටොන් සියකට ආසන්න ප‍්‍රමාණයක් කොටගල ලංකා කමිකරු කොංග‍්‍රස් මුලස්ථානයේ ඔහුගේ නිවස ඉදිරිපිට ඉඩමකට බැහැර කිරිමට කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ දේශපාලන බලය තොන්ඩමන් මහතා වෙත යොමු විමත් සමගම අමාත්‍ය පලනි දිගමිබරමි මහතා එම බලය ඔහු වෙත යොමු කර ගැනිම සදහා විවිධ උපක‍්‍රම භාවිතා කරන බවයි හැටන් නගරයේ ජනතාව පවසන්නේ.

ලංකා කමිකරු කොංග‍්‍රසයේ මහා ලේකමි නුවරඑළීය දිස්ති‍්‍රක් පාර්ලිෙමින්තු මන්ති‍්‍ර ආරුමුගන් තොන්ඩමන් නුවරඑළිය දිස්ති‍්‍රක් සමිබන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වි ඇත්තේද හැටන් නගරයේ කැළි කසල ගැටලූවට ස්ථිර විසදුමක් ලබා දිමට රජයේ නිළධාරින් අපොහොසත් විම නිසා බවයි ලංකා කමිකරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා මන්ති‍්‍ර සභා මන්ති‍්‍ර කනපති කනගරාජ් පැවසුවේ.

හැටන් රංජිත් රාජපක්ෂ

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...