Home / Featured / ඇමැති දයාසිරිට ලොතරැයි කැක්කුමක් -දයාසිරිට පුළුවන් ජනාධිපතිවරයාගෙන් අහන්න

ඇමැති දයාසිරිට ලොතරැයි කැක්කුමක් -දයාසිරිට පුළුවන් ජනාධිපතිවරයාගෙන් අහන්න

අපි ජී.එස්.පි. ගත්තම මහින්ද මහත්තයා කියනවා ඒක හිතන තරම් දෙයක් ‍නෙවෙයි කියලා. ඒක හරියට මිදි ඇඹුලයි කිව්වා වගේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

ඊයේ (18) දින පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ඇමැති දයාසිරි ජයසේකරට ලොතරැයි මණ්ඩලය ගැන පුදුමාකාර කැක්කුමක් ඇති බවයි.

“කැබිනට් සංශෝධනය ගැන විවිධ අය විවිධ කතා කියනවා. යහපාලන රජය තුළ කැබිනට් මණ්ඩලයේ ඉන්න අයත් විවිධ කතා කියනවා. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට පුදුමාකාර කැක්කුමක් තියෙනවා ලොතරැයි මණ්ඩලය ගැන. රවි කරුණානායක විදේශ කටයුතු අමාත්‍යවරයාට කොහොමද ලොතරැයි මණ්ඩලය දෙන්නේ කියලා. දයාසිරි ඇමැතිවරයාගේත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා වගෙයි ලොතරැයි මණ්ඩලය එක්ක.”

“දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයාට මතක් වෙන්නේ නැද්ද තමන්ගේ පක්ෂයේ මහ ‍ලේකම්වරයා ධීවර ඇමැතිකම දරන ගමන් තවත් ඇමැතිකමක් දැරුවා. වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. ජනාධිපතිවරයා තමයි මේ පත්වීම් දෙන්නේ. මේ ගැන දයාසිරි ඇමැතිවරයාටත් පුළුවන් ජනාධිපතිවරයාගෙන් අහන්න.”

Thushara Indunil

Check Also

අගමැතිකම ලැබුනේ පිනට…පිනට ලැබුන දෙයින් සේවාවක් කරන්න ඕන කියලා හිතන්නේ නෑ

වත්මන් අගමැතිවරයාට පිනට ලැබුණු ධූරයෙන් පවා රටට යහපතක් කිරීමට නොසිතන බව ගැටඹේ රාජෝපවනාරමයේ විහාරාධිපති පූජ්‍ය ...