Home / Featured / ඇමති හැරිසන් ගවයන් දෙදහසක් හොර පාරේ යවලා-ගොවියන්ට දෙන්න ගෙනා ගවයන් මත්පැන් ජාවාරම් කරුවන්ට දිලා

ඇමති හැරිසන් ගවයන් දෙදහසක් හොර පාරේ යවලා-ගොවියන්ට දෙන්න ගෙනා ගවයන් මත්පැන් ජාවාරම් කරුවන්ට දිලා

දේශීය කිරි කර්මාන්තය වර්තමානයේ වැටි ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත් එසේ නොවුනහොත් ඉදිරි දින කිහිපය තුළ කිරි ගොවියා සමග පාරට බසින බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

පසුගිය 16වනදා දඹුල්ලේ කිරිගොවිපලකදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංවිධායකවරයා සදහන් කළේ මේ වනවිට ගොවියන්ගෙන් මිලදී ගන්නා දියර කිරි විශාල වශයෙන් වළලමින් සිටින බවත් එම කිරි ආශ්‍රිතව නිශ්පාදනවලට යාම සඳහා විශය භාර ඇමති පී. හැරිසන් මහතාට කිසිඳු වැඩපිළිවෙලක් නැති බවයි.

අඹේවෙල ඉදිකළ නව කිරි කර්මාන්තශාලාවේ වැඩ 2015 වනවිට අවසන් කළ නමුත් එය මේ දක්වා විවෘත කර නැති බවත් එම කිර්මාණ්ත ශාලාව මගින් නිශ්පාදන කටයුතු ආරම්භ කළේ නම් දිනකට දියර කිරි ලීටර් ලක්ෂ 03කින් පිටි කිරි නිශ්පාදනය කළ හැකි බවත් ඒ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නා.

රුපියල් ලක්ෂ හතර හමාරක් වැයකර පසුගියදා ගවයන් දෙදහසක් පිටරටින් ගෙන්වා ඇති බවත් එම ගවයන් එක ගොවියෙකුට ලක්ෂ දෙක බැගින් ලබා ගැනීම සඳහා ගොවීන් 5600ක් ඉල්ලුම් කළ නමුත් ලබා දී ඇත්තේ 19දෙනෙකුට පමණක් බවත් නාමල් කරුණාරත්න එහිදි අනාවරණය කළා.

දේශපාලන හිතවත්කම් මත පී. හැරිසන් අමාත්‍යවරයා ජාවාරමක නිරතව ඇති බවත් කිරි ගොවිතැනෙහි නරතවන කිරිගොවීන් සිටියදී වෙනත් පාර්ශවයන්ටද ගවයන් ලබා ඇති බවත් වී ලබාදීමේදී ජවාරම් කරුවන් කිහිපදෙනෙකුට කුණුකොල්ලයට වී ලබාදුන්නා ලෙස ගවයන්ද ලබා ඇති බවත් මත්පැන් කර්මාන්තයේ නියැලී සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට පමණක් කිරි ගවයන් 400ක් ලබා දී ඇති බවත් නාමල් කරුණාරත්න සඳහන් කළා.

Namal Karunaratne

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...