Home / Featured / මාධ්‍යවේදී පෝද්දල ජයන්ත CID යයි-විශේෂ ජනාධිපති කොමිසමක් හරහා මාධ්‍යවේදීන්ට වු අපරාධ සොයන්න

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත CID යයි-විශේෂ ජනාධිපති කොමිසමක් හරහා මාධ්‍යවේදීන්ට වු අපරාධ සොයන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඊයේ (20)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරිමට විදේශ ගතව සිට පැමිණි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පොද්දල ජයන්ත කටයුතු කරනු ලැබුවා.

පොලිස්පතිවරයාගේ නියෝගයක් නොමැතිව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේන අතර කෙසේ නමුත් තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට බාර දුන් අතර එය පොලිස්පතිවරයාට යොමු කර අදාල නියෝග ලබාගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇති බවට තමන් විශ්වාසය කරන බවද සදහන් කළා.

2009 ජුනි මස පළමුවැනිදා පැහැරගෙන ගොස්‌ පහරදීමට ලක්‌ වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා 2010 දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාවේ නිව්යෝක්‌ නුවර වෙසෙන අතර මේ දිනවල නිවාඩුවක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

“ගෙවී ගිය අට වසරක කාලය තුළ සෑහීමකට පත් විය හැකි කිසිදු පරීක්ෂණයක් සිදු වී නොමැති බව පැවසු ඔහු එහිදී අවධාරණය කර සිටියේ පසු ගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයා සහ ඉහළ බලධාරීන්ට ලිඛිත පැමිණිලි සිදු කර ඇතත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුන බවයි.”

ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර පසුගිය සමයේදී ජනමාධ්‍යවේදීන්ට සිදුවු අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කටයුතු කළ යුතු බවයි.

මේ අතර සිරස News Line වැඩසටහන සමග එක්වු පොද්දල ජයන්ත සදහන් කළේ පැහැර ගැනිමට ලක්වු තමන්ගෙන් සුදුවැන් රථයේ අංකය පොලිසිය විමසිම විහිළුවක් බවයි.

“අදත් තාක්ෂණික දෝෂයක් ආවා පොලිස්පතිවරයාගේ සaජු නියෝගයක් නැත්නම් එම පැමිණිල්ල බාර ගන්නේ නෑ කියලා. හැබැයි එතන හිටපු යම් ඉහළ නිලධාරින්ට ඕන උනා මේ පැමිණිල්ල ගත යුතුයි කියලා. ඒක නිසා මගේ පැමිණිල්ල භාර ගත්තා. මම කියන්න ඕන මේ රටේ ජනාධිපතිට ඇමතිවරුන්ට යවන ලියුම් යොමු කළා යොමු කළා කියලානේ අවසන් වෙන්නේ ඒ වගේ තමයි මම යවපු ලියුම් ද අවසානයේ ගියා නුගේගොඩ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් අතට. එම නිලධාරියා මට විද්‍යුත් තැපෑලෙන් ලියලා එවනවා ‘ඔබ පැහැරගත් සුදු වෑන් රථයේ අංකය සහ වෙනත් තොරතුරු මා වෙත එවන්න කියලා.”

“මම එතුමට පිළිතුරු විදියට එව්වා ‘මා පැහැර ගන්නා විට මගේ පොලිස් බල ප්‍රදේශයේ පොලීසිය වසර 8කට හෝ පසුව යම් විමර්ශනයක් ආරම්භ කිරීම ගැන සතුටු වෙමි. ඒ අතරම ඔබ විමසන එක් ප්‍රශ්නයක් ගැන මට ඇත්තේ හාස්‍යයකි. එනම් මා පැහැරගෙන ගිය වාහනයේ අංකය විමසීමයි. පළමුව එවැනි අංකයක් පිළිබඳව මා දැන සිටියේ නම් වසර 08ක් ගත වන තුරු නොසිට පැහැරගත් දිනට පසුදාම සොයා ගැනීමට මගේ මාධ්‍ය සගයන්ට හැකියාව ලැබෙනු ඇත. දෙවැන්න කිසියම් පුද්ගලයෙකු පැහැර ගැනීමට එන වාහනයක් එම වාහනයේ නිත්‍ය අංක තහඩුව සහිතව පැමිණේ යැයි පොලිසිය විශ්වාස කරන්නේ නම් එයද විහිළුවකි'”

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...