ලක්ෂාන් ඩයස් කියන්නේ ඇත්ත…2015 සිට කිතුණුවන්ට එරෙහිව ප්‍රහාර 195ත් පැනලා-සුළුතර ආගමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනු

0

කිතුණු සභාවලට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා හා තර්ජනයන් පිළිබදව අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදි නිතිඥ ලක්ෂාන් ඩයස් කල ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් බව NCEASL හෙවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි

තවද ලක්ෂාන් ඩයස්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ලංකාවේ සුළුතර ආගමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආදාල පියවර ගන්නා ලෙසත්  ලක්ෂාන්  ඩයස් මහතා නිතිඥ වෘත්තියෙන් නෙරපන බවට ආමාත්‍ය විජේදාස රාජපක්ෂ කරනු ලැබූ තර්ජනයන් NCEASL ආයතනය ප්‍රසිද්ධියේ  ප්‍රතික්ෂේප කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ආමාත්‍යවරයාගෙන් එම ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙසටද ඉල්ලා සිටි.

 

කිතුනු නමස්කාර මධ්‍යස්ථාන වලට සිදුවන පහරදීම් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පාදක කර ගනිමින්, නිතිඥ ලක්ෂාන් ඩයස් මහතා වෙත එල්ල වී ඇති තර්ජන හෙළාදකින නිවේදනය

කිතුණු නමස්කාර මධ්‍යස්ථාන වලට සිදුවන පහරදීම් සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 14 වන දින පැවති රුපවාහිනී වැඩසටහනක් අතරුතුරදී නිතිඥ ලක්ෂාන් ඩයස් මහතා  කරන ලද ප්‍රකාශය පාදක කර ගනිමින්, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඩයස් මහතාව නීති වෘතියෙන් ඉවත් කිරීමට අදාලව නීති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදානසන්ධානය (NCEASL) දැඩි ලෙස හෙළාදකි.

2015 වසරේ සිට ධර්මදාන කිතුණුවන් හා ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථාන වලට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා, වෙනස්කොට සැලකීම්, සහ පහත් කොට සැලකීම් වැනි සිදුවීම් 195ට වැඩි ප්‍රමානයක් සම්බධයෙන්  NCEASLආයතනය විසින් ලේඛන ගත කොට ඇත. මෙම සිදුවීම් අතර දේවස්ථාන හා පුජකයන් හට ප්‍රචණ්ඩ කල්ලි විසින් පහරදීම්, එම නමස්කාර මධ්‍යස්ථාන වසා දැමීමට බලකිරීම්, වෙනස්කොට සැලකීම් හා ප්‍රාදේශීය  අධිකාරීන් විසින් සිදු කරන විවිධ හිරිහැර කිරීම් වැනි කරුණු වේ. NCEASL ආයතනයදශක තුනකට අධික කාලයක සිට කිතුණුවන්ගේ ආගමික නිදහස උල්ලංගණය වීම් සම්බන්ධ සිදුවීම් ලේඛන ගත කොට ඇති අතර අදාල සිදුවීම් සම්බන්ධ පොලිස් පැමිණිලි, නඩු අංක සහ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සමග කරන ලද ලිඛිත ගනුදෙනු වැනි කරුණුද එමලේඛන වල ඇතුලත් කොට ඇත.

ඉතා ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු හා නීතීඥ වරයකු වන ලක්ෂාන් ඩයස් මහතා, විවිධ ආකාරයේ ආගමික ප්‍රචණ්ඩත්වයට හා තම ඇදහීම් හේතුකොට ගෙන අසාධාරණකම් වලට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින්, ව්‍යවස්ථාවෙන්  සහතික කර ඇති ආගමික නිදහස තහවුරු කිරීම උදෙසා ඉතා කැපවීමෙන් කටයුතු කර ඇත. NCEASLආයතනය විසින් ක්‍රමානුකුලවලේඛන ගත කොටඇතිතොරතුරු පාදක කරගනිමින් එමප්‍රකාශ  කරන බවට පැහැදිලි ලෙස ඩයස් මහතා සදහන් කර තිබියදීත්,  අධිකරණ ඇමති නිසි ලෙස තොරතුරු අනාවරණය කරගැනීමකින් තොරව, හුදෙක් ඩයස් මහතාව ඉලක්ක කරගනිමින් උග්‍ර ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් NCEASL ආයතනය කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

තවද, කිතුණුදේවස්ථාන වලටපහරදීම්සිදුවේදයන්න,කතෝලිකසභාවේකොළඹ දියෝකීසියේ අග රදගුරු කාදිනල් රංජිත් මැල්කම්සමග කතාකර කරුණු තහවුරු කරගත් බවට පවසමින්,අතිගරු ජනාධිපතිතුමා ජුනි මස 16 වන දින සිදු කරන ලද ප්‍රකාශයද NCEASL ආයතනයේ අවධානයට  යොමු වී ඇත. තවදුරටත් අවධාරණය කල යුත්තේ කාදිනල්තුමාධර්මදාන  කිතුනුවන් නියෝජනය නොකරන අතර මිට පෙර එතුමා ධර්මදාන කිතුණුවන් පාලනය කලයුතු අන්තවාදී කණ්ඩායම් ලෙස නම් කරමින් ඔවුන්ට විරුද්ධ වී ඇත.

වර්ෂ 1952 දීස්ථාපිතකරන ලද ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL), ශ්‍රී ලංකාව තුල සිටින බහුතර ධර්මදානකිතුණුවන් නියෝජනය කරයි. වසර ගණනාවක  ඉතිහාසය තුල NCEASL ආයතනය, විවිධ ජනප්‍රජාවන්අතර එක්සත්බව හා සාමය ගොඩනැගීම උදෙසා කැපවීමෙන් කටයුතු කර ඇති අතර රට තුල වෙසෙන සුලුතර ආගමික ජනකොටස් වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.  එසේ වුවද රජයේ  වගකිවයුතු පුද්ගලයන් විසින් කිතුණුනමස්කාර මධ්‍යස්ථාන වලට එරෙහිව සිදුවන පහරදීම් ප්‍රතික්ෂේප කරමින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් NCEASL ආයතනය කණගාටුව ප්‍රකාශ කරමු, ඔවුන්ගේ එම ප්‍රකාශ, ඉතිහාසයේ සිට රජයේ සහ අන්තවාදී කණ්ඩායම් වල ඉලක්කයට භාජනය වෙමින් අසාධාරණකම් වලින් පිඩාවට පත් සුළුතර ආගමික ජනකොටස් වන ධර්මදාන කිතුණුවන්ට විරුද්ධ අභිප්‍රායන් තවදුරටත් ශක්තිමත් කිරීමට රුකලක් වී ඇත.

මේ අනුව, NCEASL  ආයතනය ලක්ෂාන්  ඩයස් මහතා සමග සාමුහිකව නැගී සිටිමින්,   කිතුණු සභාවලට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා හා තර්ජනයන් පිළිබදව ඔහු කරන ලද ප්‍රකාශය සත්‍ය බවට සහතික කරමු. NCEASL ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ, ලක්ෂාන් ඩයස් මහතාගේ ආරක්ෂාව තහවුරු කරමින් ලංකාවේ සුළුතර ආගමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආදාල පියවර ගන්නා ලෙසයි. තවදුරටත්වැරදි තොරතුරු මත පිහිටා, ලක්ෂාන්  ඩයස් මහතා නිතිඥ වෘත්තියෙන් නෙරපන බවට ආමාත්‍ය විජේදාස රාජපක්ෂ කරනු ලැබූ තර්ජනයන් NCEASL ආයතනය ප්‍රසිද්ධියේ  ප්‍රතික්ෂේප කරමින් අධිකරණ හා බුද්ධ ශාසන ආමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා කරනු ලැබූ එම ප්‍රකාශය වහාම නිවැරදි කරන ලෙසටයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL)

1952 පිහිටුවන ලදී