Home / ප‍්‍රාදේශිය / ඇදමතම ගිනිගෙන අවසන් ගමන් යයි-පොලීස් පරීක්ෂණ ඇරඹෙයි

ඇදමතම ගිනිගෙන අවසන් ගමන් යයි-පොලීස් පරීක්ෂණ ඇරඹෙයි

බගවන්තලාව, පෙට්ට්‍රෝසෝ තේ වතුයායේ, “ඩෙවන්ෆෝල්” කොටසේ පදිංචිව සිටිපුද්ගලයෙකුගේ සිරුරට නිවස තුළ ඇදක් මත පෙරේදා (20) පස්වරුවේ ගිනි ඇවිලී මිය ගොස් ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, හැත්තෑ හැවිරිදි සුබ්‍රමණියම් මරදෙයි නැමති විවාහක පුද්ගලයෙකි.

මිය ගිය අයගේ මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධව බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(මස්කෙළිය -ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මිය ගිය අය නිවස තුළ ඇදක් මත සිරුරට ගිනි ඇවිලී  මිය ගොස් ඇති අයුරු හා පොලීසිය පරීක්ෂණ පවත්වන අයුරු

 

Check Also

නායයෑමේ අවධානමක් – හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ...