Home / Featured / අන්තවාදීන්ගේ වැඩ ගැන පොලීසියට පැමිණිලි 21 ක් -ඉදිරි ක්‍රියාමාර්ග නීතිපතිවරයාගේ උපදෙස් මත

අන්තවාදීන්ගේ වැඩ ගැන පොලීසියට පැමිණිලි 21 ක් -ඉදිරි ක්‍රියාමාර්ග නීතිපතිවරයාගේ උපදෙස් මත

අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට පැමිණිලි 21 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන අයට එරෙහිව පැමිණිලි බහුතරයක් ලැබී ඇති බවයි.

ජාතීන් අතර, ආගම් අතර සුහදතාවයට බාධාකාරී ලෙස කටයුතු කරන අන්තවාදී සංවිධානවල සහ අන්තාවාදී පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළා.

මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ මහා නායක හිමිවරුන් රජයට නිකුත් කල විශේෂ නිවේදනය සම්බන්ධයෙන්ද අදහස් දැක්වුවා.

DIG Priyantha Jayakody-Police Spokesman

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...