සිසුන්ට පහරදිමේ වගකිම වටේ යයි…අප්‍රසාදයෙන් ගැලවෙන්න පොලිස්පති බිල්ලට!-පහරදිමට කැරළි මර්දනයට අණදුන් නිළධාරියාට හෘදයාබාධයක්

0

පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුන සයිටම් විරෝධී සිසුන් ඉලක්ක කර පහරදිමට පොලීසියට නියෝග දුන් වත්මන් පොලිස්පති පුජිත් විජේසුන්දර එම තනතුරින් ඉවත් කිරිම හරහා රජයට එල්ල වන අප්‍රසාදය වෙනතක යොමු කිරිමට හැකිවනු ඇති බව ජාතිකආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයන් ජනපතිට යෝජනා කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සමාජිකයන් සාකච්ඡා කර ඇති බවත් ඉදිරියේදී ජාතික ආණ්ඩුවේ එජාප නායකත්වයන් සමග සාකච්ඡා කිරිමෙන් පසුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගෙ ඉල්ලිමට පිලිතුරක් ලබාදිමට ජනපති එකඟවු බවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ අතර සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී හෘදයාබාධයකට ලක් වූ කැරළි මර්දන ඒකකයේ ඉහළ නිලධාරීයෙකු කොළඹ ජාතික රෝහ‍ලේදී හදිසි සැත්කමක් සිදු කර දැඩි සත්කාර ඒකයට ඇතුලත් කළ බව ජාතික රෝහල සදහන් කළා.

සයිටම් විරෝධී සිසුන් පෙරේදා (21) සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමත් සමඟ ඇති වූ කළබලකාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබූ කැරළි මර්දන හමුදා ඒකකයේ ප්‍රධානීයා ලෙස කටයුතු කර ඇත්තේ මෙම නිලධාරීයා වේ.

අසනීප තත්ත්වය හේතුවෙන් මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පත්වීම් ලබා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි. ඔහු මීට පෙරද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර තිබේ.

Pujith Jayasundara