Home / ප‍්‍රාදේශිය / අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

හැටන් කොටගල නගරයේ වෙළදසැල් සියල්ල අද (25.06) උදැසන සිට වසා දමා එම නගරයේ වෙළදුන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් ආරමිභ කර තිබෙනවා.

හැටන් කොටගල නගරයේ දුමිරිය හරස් මාර්ගයට යාබදව අලූතින් අවමංගල්‍ය ශාලාවක් විවෘත කිරිමට කටයුතු කිරිමට එරෙහිව මෙම උද්ඝෝෂණය ආරමිභ කර තිබෙනවා.

දැනට කොටගල බි නගරයේ නුවරඑළිය ප‍්‍රාදේශිය සභාව ඉදිරිපිට අවමංගල්‍ය ශාලාවක් තිබෙන අතර තවත් අවමංගල්‍ය ශාලාවක් විවෘත කිරිමෙන් කොටගල නගරයේ හින්දු කෝවිලේ පවත්වන වාර්ෂීක තේරු උත්සවය ඇතුලූ අනෙකුත් ආගමික කටයුතු වලට බාධාවක් වන බැවින් මෙම අවමංගල්‍ය ශාලා දෙකම නගර සිමාවේ පිටතට රැගෙන යන ලෙසයි මෙම උද්ඝෝෂණයේ නියලි ව්‍යපාරික ප‍්‍රජාව පවසා සිටියේ. මේ සමිබන්ධයෙන් නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවටද ලිඛිතව දැනුමි දි ඇති බව එම උද්ඝෝෂණය සිදුකර ව්‍යපාරිකයින් පැවසුවා.

ෙමි සමිබන්ධයෙන් අප නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ නිළධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ අලූතින් අවමංගල්‍ය ශාලාවක් විවෘත කිරිම සදහා හැටන් නගරයේ අවමංගල්‍ය ශාලාවක් පවතවාගෙන යන ව්‍යපාරිකයෙකු විසින් අවසර ඉල්ලා ඇති බවත් කොටගල නගරයේ ව්‍යපාරිකයන්ගේ විරෝධය හේතුවෙන් ඒ සදහා මේ වන තෙක් අනුමැතියක් ලබා දි නොමැති බවයි. කොටගල නගරයේ ප‍්‍රදේශවාසින් පවසන්නේ දැනට අවමංගල්‍ය ශාලාවක් පවත්වාගෙන යන ව්‍යපාරිකයාගේ අවශ්‍යතාවයක් මත අලූතින් විවෘත කිරිමට සැලසුමි කර ඇති අවමංගල්‍ය ශාලාවට කොටගල නගරයේ ව්‍යපාරික ප‍්‍රජාව එයට විරෝධය පා මෙම උද්ඝෝෂණය සිදුකරන බවයි.

හැටන්රංජිත් රාජපක්ෂ

Check Also

නායයෑමේ අවධානමක් – හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *