NGO සල්ලි ගන්න බොරු ගොතලා කියනවා -වික්‍රමබාහු මහත්තයෝ ඔයිට වඩා හොදයි හිඟා කෑවානම්

0

ලංකාවේ ජීවත් වන සමහර පරපුටුවන් විසින් ආණ්ඩුව ආගමික සංහිඳියාව නොමැති බව පවසමින් NGO සල්ලි ලබා ගැනීමේ උත්සහයක නිරත ව සිටින බව බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අතරතුරදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියි.

“මම දැක්කා ගිය සතියේ අර වික්‍රමබාහුත් එක්ක ඉන්නව 8 දෙනෙක් උද්ඝෝෂණයක් කරනවා. මේ රටේ ආගමික නිදහස අපේ ආණ්ඩුව නැති කරනවා කියලා. දැන් ඔය බෝඩ් එක අල්ලලා ඒක ලෝකේ වටේ යැව්වට පස්සේ තමයි NGOවලින් සල්ලි ලැබෙන්නේ. වික්‍රමබාහුත් එක්ක ඔය කට්ටිය ගිහිල්ලා හිගා කාලා අඹු  දරුවන් පෝෂණය කලා නම් ඒක හරි නම්බුකාරයි.  පහුගිය කාලයේ  NGO පරපුටුවෝ ඔය විදියට ම මටයි චම්පික ඇමතිවරයාටයි ඔය විදියටම  චෝදනා කළා,” ඇමතිවරයා සඳහන් කරයි.

Wijeyadasa Rajapakshe