Home / විශේෂාංග / රස පරික්ෂණය අවසන් …..වාර්තාව ජූනි මාසයේ තිස් වෙනි දා

රස පරික්ෂණය අවසන් …..වාර්තාව ජූනි මාසයේ තිස් වෙනි දා

මාස තුනක කාලයක් දියත් කළ “රස පරීක්ෂණය” සදහා ලැබුණු විශ්වාස කළ නො හැකි තරමේ උණුසුම් ප‍්‍රතිචාරවලින් ලද පන්නරයෙන් “රස එෆ්.එම්” ගුවන් විදුලි නාලිකාව, ජූනි මාසයේ තිස් වෙනි දා සිට නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කරන බව ස්කයි මාධ්‍ය ජාලයේ සභාපති නිරංග හෙට්ටිආරච්චි පවසයි. පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා සදහන් කළේ “රස එෆ්.එම්” ලංකාවේ එෆ්.එම් නාලිකා සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් සිදු කරනු ඇති බවයි.

ස්කයි මීඩියා නෙට්වර්ක් මාධ්‍ය ජාලය සතු එෆ්.එම් නාලිකා ප‍්‍රමාණය, රස එෆ්.එම්, සිත එෆ්.එම් හා රෙඞ් එෆ්.එම් වශයෙන්, නාලිකා තුනක් බවට පත් වෙනවා. මේ ගුවන් විදුලි නාලිකා තුනට අමතරව අප සතුව, “නිවුස් ට්වෙන්ටි ෆෝ” NEWS 24 යන නමින් යුත් ප‍්‍රවෘත්ති නාලිකාවක් ද තිබෙනවා.

ස්කයි මාධ්‍ය ජාලයේ සභාපති නිරංග හෙට්ටිආරච්චි

අලූතින් ආරම්භ කිරීමට යන ”රස එෆ්.එම්” නාලිකාවේ සහෝදර නාලිකා හැටියට හදුන්වන්න පුලූවන්, සිත එෆ්.එම් සහ රෙඞ් එෆ්.එම් යන නාලිකා, කෙටි කාලයක් තුළ අත්කරගෙන තිබෙන ජනප‍්‍රියත්වය සහ කීර්තිය, ඒ ගැන ආඩම්බර වීමට තරම් ප‍්‍රමාණවත් බවයි අපේ විශ්වාස ය.

කොහොම වුනත්, ”රස එෆ්.එම්” ගුවන් විදුලි නාලිකාව අපි ආරම්භ කරන්නේ – පොදු ජන රස වින්දනය ඉලක්ක කර ගනිමින් බව කිව යුතුයි. ගුවන් විදුලි අසන්නන් ඉක්මනින් ”රස එෆ්.එම්” වටා රොක් වෙයි කියන වි ශ්වාසය අපට තියෙනවා.

නිල වශයෙන් “රස එෆ්.එම්” ආරම්භ කිරීමට පෙර මාස තුනක කාලයක් දියත් කළ ”රස පරීක්ෂණය” ස`දහා ලැබුණු විශ්වාස කළ නො හැකි තරමේ උණුසුම් ප‍්‍රතිචාරවලින් ඒ බව අපට පැහැදිලි යි. රස එෆ්.එම්. ලංකාවේ එෆ්.එම් නාලිකා සංස්කෘතිය විප්ලවීය ලෙස වෙනස් කරාවි. රස; නූතන ජනපි‍්‍රය සංස්කෘතියේ පෙරගමන් කරුවා වේවි. එමෙන්ම මාධ්‍ය ආයතනයක් ලෙස සිය සමාජ වගකීම ද රස එෆ්.එම් නාලිකාව නිසි ලෙස ඉටු කරාවි යැයි මම හිතනවා.

රස පවුල

“රස එෆ්.එම්”, ලාංකීය පෞද්ගලික ගුවන් විදුලි නාලිකා අතරට එක්වන නවතම ගුවන් විදුලි නාලිකාව යි.

“රස එෆ්.එම්” ස්කයි මීඩියා නෙට් වර්ක් මාධ්‍ය ජාලයට අයත් නාලිකාවකි.

රස වෙන දවස

ස්කයි මීඩියා නෙට්වර්ක් මාධ්‍ය ජාලයේ අලූත් ම සාමාජිකයා ලෙස රස එෆ්.එම් නාලිකාව, එළැඹෙන ජූනි තිස් වන දා සිට සිය විකාශන කටයුතු ආරම්භ කිරීමට සූදානම් ව සිටියි.

රස, සහෝදර වගතුග

“සිත එෆ්.එම්” සහ “රෙඞ් එෆ්.එම්” යනුවෙන් සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු සිදුකරන නාලිකා ද්විත්වයක් දැනටමත් ස්කයි මීඩියා නෙට් වර්ක් මාධ්‍ය ජාලය සතුව තිබේ. ඊට අමතරව, නිවුස් ට්වෙන්ටි ෆෝ යනුවෙන් නම් කර ඇති ප‍්‍රවෘති සේවාවක් ද ස්කයි මීඩියා නෙට් වර්ක් සතු අතර, රස එෆ්.එම්, සිත එෆ්.එම් සහ රෙඞ් එෆ්.එම් යන නාලිකාවන්ගේ ප‍්‍රවෘත්ති අංශයන් සවිබල ගන්වන්නේ එය විසිනි.

“සිත එෆ්.එම්” සහ “රෙඞ් එෆ්.එම්” අරඹා මේ වන විට ගතව ඇත්තේ අවුරුද්දකුත් මාස කිහිපයක් පමණි. සමීක්ෂණ වාර්තා අනුව, ඒ කෙටි කාලය තුළ, අසන්නන්ගේ සහ අනුග‍්‍රාහකයන්ගේ විශ්වාසය දිනා ගන්නටත්, ලංකාවේ ප‍්‍රධාන නාලිකා කිහිපය අතරට පැමිණීමටත් සිත එෆ්.එම් සහ රෙඞ් එෆ්.එම් යන නාලිකා සමත්ව තිබේ.

රස තරංග

රස එෆ්.එම් සිය විකාශන කටයුතු සිදු කරන්නේ, ස්කයි මාධ්‍ය ජාලය සතුව තිබූ දෙමළ මාධ්‍ය නාලිකාව වූ “තමිල් එෆ්.එම්” නාලිකාව සිය විකාශන කටයුතු සිදු කළ තරංග මාලා ඔස්සේ ය. ඒ අනුව මුලූ දිවයිනම ආවරණය වන පරිදි, එෆ්.එම් 99.5 සහ 99.7 යන තරංග මාලා ඔස්සේ, රස එෆ්.එම්, සිය විකාශන කටයුතු සිදු කරයි.

රස ඉලක්ක

රස එෆ්.එම්; තාරුණ්‍යය, නූතනත්වය සහ නවීකරණය විශ්වාස කරයි. එමෙන්ම එය ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය, සමාජ තරාතිරම හෝ වයස් භේදකයින් තොරව සියල්ලන්ට ම රස විදිය හැකි ආකාරයේ වැඩ සටහන් මාලාවකින් සමන් විත ගුවන් විදුලි නාලිකාවකි.
රස අරමුණ

ඔබේ ජීවිතය රසවත් කිරීම; රස එෆ්.එම් නාලිකාවේ ප‍්‍රධාන අරමුණ යි. සතුට සහ රස හඹා යන නමුත්, බලාපොරොත්තු වන පමණට “රස” හෝ “සතුට” ජීවිතය තමන්ට ලබා නොදෙන බව අද දවසේ පොදු මැසිවිල්ලයි. අප විශ්වාස කරන්නේ “රස” සහ “සතුට” අතමානයේ ඇති බවයි.

රස එෆ්.එම් නාලිකාව සතුව වෙනත් අරමුණු නැත; එකම අරමුණ අත මානයේ ඇති රස ගෙනැවිත් ඔබ ඉදිරියෙන් තැබීමයි; ඔබේ ජීවිතය ඉන් රසවත් කිරීමයි.

රස වෙනස

රස එෆ්.එම්. වෙනස් ගුවන් විදුලි නාලිකාවකි.

දැවැන්ත ව්‍යාපාරිකයන් සහ මාෆියා කරුවන් විසින් පෞද්ගලික ගුවන් විදුලි නාලිකා මෙහෙයවනු ලබන යුගයක. ඒ සියල්ල එසේ තිබිය දී ත්, හරිම තැනින් ”පොදු ජන රස නහරය අල්ලා ගන්නට සමත් වේ නම්, ජයග‍්‍රහණය අපේ අතට ගත හැකි බව අපගේ විශ්වාස යි.

අප යෙදී ඉන්නේ පොදු ජන රසිකත්වය යලි පාදා ගැනීමේ උත්සාහයකයි. අපගේ උත්සාහය සාර්ථක වන බව අපට විශ්වාසයි.

“රස පරීක්ෂණය” නමින් දියත් කළ “රස එෆ්.එම්” නාලිකාවේ පර්යේෂණ විකාශය ස`දහා ලැබුණ ජනප‍්‍රසාදයෙන් අපට ඒ බව තහවුරු කළ හැකිය.

රස හවුල

“රස එෆ්.එම්” නාලිකාවේ අනන්‍යතාව තහවුරු කිරීම ස`දහා නිර්මාණය කර ඇති තේමා නාද හා ගී නිර්මාණ ස`දහා BNS, උමාරියා, චින්තී සහ සනුක වැනි, ඔවුන් නියෝජනය කරන සම්ප‍්‍රදායන්ගේ සැබෑ හිමිකරුවන් සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.

රස වැඩකාරයෝ

රස එෆ්.එම් නාලිකාව සම`ග සම්බන්ධ වී සිටින සියල්ලෝ ගුවන් විදුලි කලාවේ ප‍්‍රවීණයන් යැයි හැදින්වුවහොත් එහි වරදක් නැත. රස එෆ්.එම් සම`ග සම්බන්ධ වීමට පෙර මේ සියලූ දෙනා ජනප‍්‍රිය යයි සම්මත නාලිකා තුළ ජනප‍්‍රිය වැඩසටහන් මෙහෙයවා තිබේ.

රස එෆ්.එම් වැඩසහන් අංශය මෙහෙය වීමේ වගකීම, ගුවන් විදුලි මාධ්‍යයේ වසර පහළොවකට වඩා වැඩි අත්දැකීම් සහිත චතුරංග තේනුවර වෙත පැවරී තිබේ. ඔහු සම`ග සම්බන්ධ වී සිටින රුවනී, ගයනී, දිනිතී, නික්, ආකාශ් සහ දේශාන් යන අය ද ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වීම ඔවුන් බලාපොරොත්තුවන ඉලක්ක කරා රස එෆ්.එම් නාලිකාව රැුගෙන යෑම පහසු කරනු ඇත.

මේ සියලූ දෙනාත්, රස අසන්නන් හා රස එෆ්.එම් සම`ග සම්බන්ධ වී සිටින අනෙක් සියල්ලන් ගේත් ආශිර්වාදය මත රස එෆ්.එම් නාලිකාව, ඉදිරි වසර කීපය තුළ දී, ලංකාවේ අංක එකේ නාලිකාව බවට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


Check Also

මොහොතකට නවතින්න ….. ඔබ නොහඩා සිටියොත් එය පුදුමයකි

මිනිසුන් බොහෝ දේ ඉල්ලා හඩ වැටෙන සමයක….තමන්ට අහිමි වු දේ වෙනුවට තමන්ට හිමි දේ තවත් ...