ගීතා තනිවම බිල්ලට…..පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ඇති වෙන අය නෑ…!

0

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහ හැර වත්මන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත‍්‍රීවරුන් සිටින බවට ඒ පිළිබඳ කළ මූලික විමර්ශනයේදී මෙතෙක් හෙළිවී නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තිබේන බව වාර්තා වේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ තොරතුරු වාර්තාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබු අතර ඒ සම්බන්ධයෙන් කල් විමර්ශන වලදි මෙම කරුණු අනාවරණයි වි ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත‍්‍රීවරයාගේ ඉල්ලීමට අනුව මෙම තොරතුරු විශ්ලේෂණ වාර්තාවක් දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් සිටින බවත් එහි විමර්ශනය තවදුරටත් සිදුකරමින් ඇති අතර ඉදිරි සති දෙක තුළ එම වාර්තාව නිකුත් කිරිම සිදුවන බවද වාර්තා වේ.

ගීතා කුමාරසිංහට ස්විට්සර්ලන්තයේ ද පුරවැසිභාවය හිමිවී තිබීම නිසා මන්තීධුරයට සුදුසු නැතැයි අභියාචනාධිකරණ තීන්දු කල අතර පසුව ඇය ඒ එම නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කල ඉල්ලු අතර මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ගීතා කුමාරසිංහට අභියාචනාධිකරණය ලබා දුන් තින්දුව ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට පසුව නියෝග කෙරුණා.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරිය නොහැකි වේ.

Geetha Kumarasinghe