Home / Featured / ජනපති සිරිසේනට මුල මතක නෑ – UNP මන්ත්‍රීවරුන් කොන් කරනවා….එජාප මන්ත්‍රී ස්වාධින වේ

ජනපති සිරිසේනට මුල මතක නෑ – UNP මන්ත්‍රීවරුන් කොන් කරනවා….එජාප මන්ත්‍රී ස්වාධින වේ

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කොන්කිරීමේ වැඩපිළිවෙළක ජනාධිපතිවරයා යෙදී සිටින බවත්,පසුගිය ආණ්ඩුවේ සිටි ඇමතිවරු සමගින් පමණක් කටයුතු කරමින් ජනාධිපතිවරයා මුල අමතක කරමින් සිටින බවත් ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තමන් ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

අප වාර්තාකරු කල විමසිමකදි මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව අද (30) දින ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවට තමන්ට ආරාධනා කර නොමැති බවයි.තමන්ට ආරාධනා කර නොමැති සාකච්ඡාවලට යැමට තමන් සුදානම් නැති බවද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

“අද පැවැත්වෙන සාකච්ඡාවට මට ලිඛිතව එන්න කියලා නැති නිසා මම සහභාගි වෙන්නෙ නෑ.ජනාධිපතිතුමා අපිව තල්ලු කර තිබෙන්නේ ස්වාධීන වෙන විදියටයි.”

“ගිය ආණ්ඩුවේදී ඔවුන් කරපු දේවල් යූඑන්පී එක් මන්ත්‍රීවරුන්ගේ කරපිට තියලා ඉදිරියට ගෙනියනවා. මන්ත්‍රී කෙනෙක් විදියට මට තේරෙනවා,සයිටම් ප්‍රශ්නය ගත්තත්,උමා ඔය ප්‍රශ්නය ගත්තත් අනෙකුත් ප්‍රශ්නවලට වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ අපි නෙමෙයි.”

“ඒ සියල්ල අපේ පිට තියලා ඒගොල්ලෝ ආරම්භ කරපු ව්‍යාපෘතිය,ඒ ගොල්ලෝ ගහගත්තු කොමිස් ටික ආරක්ෂා කරගෙන ඒ ගොල්ලෝ බේරිලා ඉන්නවා.”

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...