ඒකාබද්ධ විපක්ෂය අද දිය වෙලා….ජේ.ආර්.,ප්‍රේමදාස වගේ 2020දි රනිල් යුගයක්…2020 දි අපි රනිල් ජනාධිපති කරනවා

0

2020 දී අපි එජාප ආණ්ඩුවක් හදන බව දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව කරුණාතිලක පවසයි.ඊයේ (03) ඇල්පිටිය මහජන කාර්යාලයේදී පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ 2020දි කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කරන බවයි.

හිසරදයට කොට්ට මාරු කළාට ලෙඩේ හොඳ වෙන්නෙ නැහැ. ඒ නිසා 2020 දී අපේ ආණ්ඩුවක් හදන්න අපි පෙළ ගැසිය යුතුයි. 2020දී රටට අවශ්‍ය ජේ.ආර්., ප්‍රේමදාස යුගයක් වගේ රනිල් වික්‍රමසිංහ යුගයක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

“එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්තුමා කියලා තිබුණා 2020දී එජනිස ආණ්ඩුවක් හදන්න එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පටන් ගන්නවා කියලා. එතුමලාට එහෙම හිතෙන්නේ මේ ආණ්ඩුවෙන් මොනවා නොලැබිලාද? එජාපය හදපු ජනාධිපතිට පින්සිද්ධ වෙන්න ගත්ත ඇමැතිකම් බව ඒ ශ්‍රීලනිප සමහර මැති ඇමැතිවරුන්ට දැන් අමතක වෙලා. අපේ පළාත් පාලන නියෝජිතයන්, අපේක්ෂකයන් අවුරුදු විස්සක ඉඳන් විපක්ෂයේ. මේ ආණ්ඩුවේ අඩුපාඩුවලට උත්තර දෙන්න වෙලා තියෙන්නේ අපේ අයටයි. අපි යහපාලනයට විරුද්ධ නැහැ. මම එදත් කිව්වා අදත් කියනවා රටේ ප්‍රශ්න විසඳන්න නම් ආයෙත් මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් උදාවෙන්නෙ නැහැ කියලා. අපිටත් ආණ්ඩුව පිළිබඳ යම් යම් විවේචන තිබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය හිතන දේවල් සිද්ධ වෙන්නෙ නැහැ. ඒකාබද්ධ විපක්ෂය අද දිය වෙලා යනවා.”

 

“එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි මුළු රටේම පළාත් පාලන ආයතන සියල්‍ලේම බලය එජාපයට ලබා ගන්න කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් අපේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ශක්තිය ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් දැන්වත් අපේ මැති ඇමැතිවරු කටයුතු කළ යුතු වෙනවා.”

“යහපාලන ආණ්ඩුවේ රැකීරක්ෂා බෙදීයාමේ දැඩි විෂමතාවක් තිබෙනවා. අපි කියන්නේ තිබෙන රැකීරක්ෂා ප්‍රමාණය දෙතැනටම බෙදී යා යුතුයි. නමුත් වෙන්නේ ඒක නොවෙයි. රජය කරපු හොඳ වැඩ පසුගිය කා‍ලේ මාධ්‍ය මගින් ප්‍රචාරය වුණේ නැහැ. ඒ වෙනුවට වුණේ විපක්ෂයේ බේගල් ප්‍රචාරය වීම පමණයි. වර්තමානයේ ජනමාධ්‍ය නිවැරදිව මෙහෙයවන්න වර්තමාන ජනමාධ්‍ය ඇමැතිතුමා කටයුතු කරලා තියෙනවා.”

“අපේ පාක්ෂිකයන්ට දැඩි කලකිරීම් ප්‍රශ්න තිබෙනවා. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් අපි ඉවසලා ඉවසලා කොහොමහරි 2020 දී එජාප ආණ්ඩුවක් හදලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න කටයුතු කරන්න ඕනෑ.”

Sanjeewa Karunathilake