Home / Featured / “බහිරවයෙක් වෙන්න මම සුදානම්” -තනතුරේ වගකීම නිසියාකාරව ඉටු නොකරන නිලධාරීන් දොට්ට දානවා

“බහිරවයෙක් වෙන්න මම සුදානම්” -තනතුරේ වගකීම නිසියාකාරව ඉටු නොකරන නිලධාරීන් දොට්ට දානවා

දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව තිබීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා විසින් ද සිදු කළ දැනුම් දීම් මත ඒ සඳහා මැදිහත් වෙමින් අදාළ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බවත්, එම විහාරස්ථානය පවත්නා තත්වය යටතේ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමට ලක්ව ඇති බවට යුනෙස්කෝ ආයතනය විසින් අනතුරු අඟවා ඇති බැවින් තමා ඒ සඳහා මැදිහත් වූ බවත්, එවැනි මැදිහත්වීම් සිදුකරන විට ඇතැම් පිරිස් විසින් බහිරවයා යැයි තමාට චෝදනා කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඊයේ  (03) පෙරවරුවේ ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ පස්මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ කවුරුන් කෙතෙක් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරවයෙක් ලෙස කටයුතු කරන්නට තමන් සූදානම් බවයි.

හිතවත්කම්, දේශපාලන මතිමතාන්තර මත තමා කිසිවිටෙකත් තීන්දු තීරණ නොගන්නා බවද, තමන් දරන තනතුරේ වගකීම නිසියාකාරව ඉටු නොකරන නිලධාරීන් ඉවත් කිරීමට කිසිසේත් පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

Akila Viraj Kariyawasam

Check Also

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි වෙසක් අප්‍රේල් වලමයි-තීරණය කරන්න මට බලයක් නෑ -ඇමති කියයි

පටු දේශපාලන අරමුණු ඇති පිරිස වෙසක් පෝය දිනය සම්බන්ධයෙන් රජයට චෝදනා කරන බව ස්වදේශ කටයුතු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *