Home / Featured / රාජපක්ෂලා හිරේ දාන්න ආණ්ඩුවෙන් පනතක්!-අපිව මේ රටින් පිටුවහල් කරන්න හදනවා

රාජපක්ෂලා හිරේ දාන්න ආණ්ඩුවෙන් පනතක්!-අපිව මේ රටින් පිටුවහල් කරන්න හදනවා

අපිව පාවා දෙන වැඩපිළිවෙළක් ගේන්න අද මේ ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු” මැයෙන් ඒකාබද්ධ විපක්ෂය ඊයේ(3) ත්‍රිකුණාමල නගරයේ ජනරැලිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කලේ තමන් ඇතුළු පිරිසට නඩු පැවරීම සඳහා ආණ්ඩුව පනතක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බවයි.

“රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ගිහිල්ලා කියන්න කෙනෙක් නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා කවුරුත් දන්නේ නෑ. කැබිනට් ප්‍රකාශකයෝ ඉන්නවා තුන් දෙනෙක් තුන් දෙනා තුන් විදියක් කියනවා. අපි දන්නේ නෑ මොකද්ද ගත්ත තීන්දුව කියලා. මේවයින් පැහැදිලිව පෙන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුමක් එක්කෙනෙක් ඒ පැත්තට අදිනවා අනික් කෙනා අනිත් පැත්තට අදිනවා ටී. වී එකෙන් හැමදාම මේ අවුරුදු දෙකාමාර තුළ එක දවසක් වත් මට නොබැනපු දවසක් තියනවද කියලා මතක් කරන්න. හැමදාම රාජපක්ෂ රාජපක්ෂ, මේක හරියට බයක් ඇතිවෙලා වගේනේ. බය හින්දා මගේ නම දොඩවනවා. වෙන කරන්න දෙයක් නෑ. පලිගැනීම කරනවා. දැන් පනතක් ගේනවා. අපිට විරුද්ධව නඩුවක් දැම්මොත් අපිව ඒරටට පාවා දීලා අපිව මේ රටින් පිටුවහල් කරලා. උන්ට ඕන විදියට නඩු අහන්න අපිව පාවා දෙන වැඩපිළිවෙළක් ගේන්න අද මේ ආණ්ඩුව සූදානම් වෙමින් පවතිනවා. අනිද්දට ඒ පනත ගේනවා. අනිත් එක තමයි ඩෙංගු මදුරුවා. මේක මර්දනය කරන්න රටේ ජනාධිපතිතුමාට බැරිද? ඒ කාලයේ අපි නිලධාරින්ට දුන්නා අපි වැඩ කළා. දැන් වැඩ කර එකට කියනවා වැඩ කළේ සුඩු වෑන් වලට බයේලු දැන් එතකොට කලු ඩිෆෙන්ඩර් වලට බයේද? අර ඇවිල්ලා උස්සගෙන යන්නේ……?”

Mahinda Rajapaksa

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *