මෙච්චර පොඩි කාලයකදි එපා වුණු ආණ්ඩුවක් දැක්කමයි- තුප්පහියෝ පැත්තකට දාලා ආණ්ඩුවක් හදන්න නැගිටිය යුතුයි

0

මෙතරම් ටික කාලයක් තුළ දී ජනතාවට එපා  වූ ආණ්ඩුවක් දැක නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.”වෙනස සැපද” යන මැයෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවති මහජන සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටි අතර ආණ්ඩුව නිසා වෛද්‍යවරුන්, මහනායක ස්වාමින්වහන්සේලා, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම කාදිනල් තුමා ද සිත් කල කිරවා ගෙන ඇති බවද දක්වා සිටියා.

“මේ ආණ්ඩුවට අපි කියන්නේ මේ රටේ මහා සංඝයා අවදි වෙලා ඉන්නේ. ජාතියේ මුර දේවතාවුන් අවදි වෙලා ඉන්නේ නිකම් නෙමෙයි උජිපටිපන්න ගුණයෙන් යුක්තවයි. දැන් ජනතාවගේ යුතුකම තියන වෙලාවයි. දැන් ජනතාව නැගිටිය යුතුයි. සිංහල බෞද්ධ මිනිස්සු මේ කොන්ත්‍රාත්කාර ජාතියක් කියලා මගේ ඔලුවට ආවා. යුද්ධේ හමුදාවට බාර දීලා හිටියා. සාමය නෝර්වේ එකට බාර දීලා හිටියා. නිවන් දක්කන එක අපිට බාර දීල හිටියා. දැන් අන්න ඒ හඩ මහා සංඝයා අවදි කළා. අපි නැගිටිමු යලිත් වරක් අර එදා අපිට ගොක් කොලේට කිරිබත් කෑල්ලට, මලට දවුලට හේවිසියට තැන ලැබුණා වගේ යලිත් වරක් මේ තුප්පහියෝ පැත්තකට දාලා ඒ සුවඳ ගන්න ආණ්ඩුවක් පිහිටුවමු කියලා මම ආයාචනය කරනවා.” උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

Alle Gunawansa