Home / Featured / සුළුතරයේ මතය පිළිබිඹු ව්‍යවස්ථාවක් රටේ සංහිදියාවයි-තෛනිකායික මහා සංඝරත්නය නැවත හිතන්න

සුළුතරයේ මතය පිළිබිඹු ව්‍යවස්ථාවක් රටේ සංහිදියාවයි-තෛනිකායික මහා සංඝරත්නය නැවත හිතන්න

මෙතෙක් පැවති සියළුම ව්‍යවස්ථාවන් තුළදී බහුතරයේ මතය පමණක් නියෝජනය වූ බවත් සියලුදෙනා පිළිගන්නා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම නවතා දැමීම තුළින් නැවත උතුරු නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම අවශ්‍ය නැතැයි තෛනිකායික මහා සංඝරත්නය පැවසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ මහනාහිමිවරුන් අදාළ කාරණය සම්බන්ධයෙන් නැවත වතාවක් සළකා බැලීම උචිත වන බව යි.

සියලු ජාතීන් එක්ව සියලු ජාතීන්ට පිළිගත හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සාකච්ජා කොට අදාළ අවශ්‍ය කටයුතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසර දෙකක කාලයක් තුළ සිදු කොට අවසන් බවත් ඔහු සඳහන් කරයි.

සුළුතරයේ මතය පිළිබිඹු වන මෙවන් ගණයේ ව්‍යවස්ථාවක් රටේ සංහිදියාව සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

M. A. Sumanthiran

 

 

 

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...