සමහරු ඉන්න ඕන කැබිනට් එකේ නෙමෙයි හිරේ…-අගමැති බබා එයා දන්නේ නෑ…දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැහුවේ හොරු රකින්න

0

 දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමිම හරහා වත්මන් ආණ්ඩුවේ දුෂිතයන් මෙන්ම රාජපක්ෂලා මෙන්ම ඒ යුගයේ දුෂිතයන් රැකිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ‘දුෂණ විරෝධී හඩ’ සංවිධානයේ වසන්ත සමරසිංහ පවසයි.ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදි  වසන්ත සමරසිංහ සදහන් කළේ එම කාර්‍යාලයට අවුරුදු 2ට පැමිණිලි 1000කට වඩා ලැබි තිබේන බවයි.

“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ඇති කරලා අවුරුදු දෙකයි පොඩි කාලයයි ගියේ. මාස හයෙන් හයට මේක දික් කළා. අගමැතිවරයා 30 වෙනිදා මේක අහෝසි වෙනකොට 4 වෙනිදා කැබිනට් එකට අරගෙන යනවා මේක පිළිබඳ කැබිනට් ප්‍රතිකාවක්. බබා එයා දන්නේ නෑ මුකුත්, ජනාධිපති මේක විවේචනය කළා කියලා රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශක තමයි කියන්නේ. අවුරුදු 2ට පැමිණිලි 1000කට වඩා ඇවිල්ලා තියනවා. ඒකෙන් 250කට වැඩි ප්‍රමාණයක් යවලා තියනවා FCIDයට. 40කට වැඩි ප්‍රමාණයක් යවලා තියනවා CID එකට.”

“CSN එකට තැන් තැන් වල ගිහින් කිව්වේ කොහෙන් කරපු පරීක්ෂණ ද, නාමල් රාජපක්ෂ බන්ධනාගාර ගත වුණේ මොන පරීක්ෂණ නිසාද? බැසිල් රාජපක්ෂගේ මල්වාන ඉඩම පිළිබඳව පැමිණිලි දැම්මේ අපි. දැන් නිතිපතිගේ උපදෙස් ලැබුනම සමහරු ඉන්න ඕන කැබිනට් එකේ නෙමෙයි හිරේ. ඒ හිරේ ඉන්න එක නතර කරන්න නම් මොකද කරන්න ඕන මේ ආයතන පද්ධතිය අඩපණ කරන්න ඕන. ඒ ආයතන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රියාවලිය තමයි අද මේ සිද්ධ කරමින් තියෙන්නේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැහුවම එතනට පැමිණිලි එන්නේ නැහැ. FCID යට පැමිණිලි හම්බ වෙන්නේ නැහැ. හරි සරල සූත්‍රයක් තියෙන්නේ.”

Wasantha Samarasinghe