Home / Featured / අභියෝග මැදින් ඉදිරියට යන තේ කර්මාන්තයට වසර 150 යි – ලෝකයේ හොඳම තේ තවමත් ලංකාවේ

අභියෝග මැදින් ඉදිරියට යන තේ කර්මාන්තයට වසර 150 යි – ලෝකයේ හොඳම තේ තවමත් ලංකාවේ

මෙරට තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරිම නිමිත්තෙන් ලංකා තේ මණ්ඩලයේ උපදෙස් පරිදි වතුකරයේ ස්ථාන කිහිපයකම සැමරුමි උත්සව ඊයේ (06) පැවැත්වුණි.

බගවන්තලාව වැවිලි සමාගම මගින් එම වතු සමාගමේ ප‍්‍රධාන උත්සවය එම වතුයායේ තේ කර්මාන්තශාලාවේදි එම  වතු සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරි ෆෙරොස් මජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ වතු අධිකාරිවරුන් සහ වතුකම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වුණා.

මෙරට තේ කර්මාන්තයට වසර එකසිය විසිපහක් යනතුරුත් කිසිදු අභියෝගයක් නොතිබුණු බවත් වසර විසිපහක පමණ කාලයක් මෙටර තේ කර්මාන්තය අභියෝග හමුවේ පවත්වාගෙන එන බවත් මෙම තේ කර්මාන්තය තවත් වසර එකසිය පනහක්වත් පවත්වාගෙන යෑමට සියළු දෙනා එක්ව කටයුතු කළ බවයි ෆෙරොස් මජිත් මහතා පවසා සිටියේ.

මෙම උත්සවයේදි අදහස් දැක්වු වතුකම්කරුවන් කියා සිටියේ තම පරම්පරා ගණනාවක් මෙරට තේ කර්මාන්තය වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වු බවත් මෙම කර්මාන්තය තවත් වසර ගණනාවක් අඛන්ඩව පවත්වාගෙන යෑමට තම ඉදිරි පරම්පරාවේද ශ‍්‍රමදායකත්වය ලබා දිමට තමන් කටයුතු කරන බවයි.

මෙම උත්සවයට සමගාමිව වතුපාලකයින්ගේ සංගමය මගි්න් තවත් උත්සවයක් හැටන් දික්ඔය දරවල ඩි.එමි.සි.සි කි‍්‍රඩා සංකිර්ණයේදි පැවැත්වුවා. මෙම උත්සවයට අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ සහ නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොටිඨාශ වල තේ වතු වල වතු අධිකාරිවරුන් රැසක් සහභාගි වූහ.

1867 වසරේ ගලහා ලුල්කදුර වතුයායෙන් ජේමිස් ටේලර් නැමැති සුදු ජාතිකයෙකු  විසින් මෙරටට තේ කර්මාන්තය හදුන්වා දෙනු ලැබුණි. වර්තමානයේ ලංකාවේ තේ වලට විදේශ වෙළදපොළේ කොතරම් අභියෝග පැමිනුනත් ලංකා තේ නාමය එම විදේශ වෙළදපොළේ තාමත් ඉදිරියෙන් තිබෙන බවයි එම සැමරුම් උත්සවයට සහභාගි වු වතු අධිකාරිවරුන් කියා සිටියේ.

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...