Home / Featured / දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කිරිමේ සුදානමක්-බස්නාහිර මහ ඇමති බන්දුලගේ පන්ති කට් කරලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කිරිමේ සුදානමක්-බස්නාහිර මහ ඇමති බන්දුලගේ පන්ති කට් කරලා

දේශීය ආදායම් සංශෝධන පනත තුළින් ඉතා සූක්ෂම ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෞද්ගලිකරණය කිරීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය චෝදනා කරයි.

ඊයේ (11) දිනයේ දී කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදි එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කරයි.

“දේශිය ආදායම් සංශෝධන පනත බැලූ බැල්මට කිසිම ප්‍රශ්නයක් නැතුවා වාගේ තමයි පිටින් පේන්නේ. සේවක අර්ථ සාධක අරමුදල මෙතෙක් පැවති බදු අනුපාතය 10%යි. ඒක මේ පනතින් වැඩිකරනවා 14% ට. ඒ අනුව අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ආපහු ගන්න දවසට රජයට බදු ගෙවන්න ඕන් මේ පනත විදියට. ඊලඟට සිනමා ශාලා ඉදිකිරීම, ඩිජිටල්කරණය සියල්ල බද්දට යටත්. ධර්මසිරි බණ්ඩාරනායක ශූරින්. පරාක්‍රම නිරිඇල්ල ශූරින්, සෝමරතන බාලසූරිය ශූරින් වගේ කලාකරුවෝ සියළු දෙනා මේ යහපාලන ආණ්ඩුව යටතේ හෙළ සිනමාවට උත්තේජනයක් ලැබෙයි කියලා විශ්වාස කළා. තමන් බලයට පත් කල රජයේ ජනාධිපතිතුමා යටතේ අලුත් දේවල් ටික නෙමෙයි තිබූ සහන තිබූ ලෙසට ලබා දෙන්න කියල ඉල්ලා සිටිමේ යුතුකම හා වගකීම ඔවුන් වෙත පැවරෙනවා.”

“නරකම දේ තමයි සුපිරි බලයක් හිමි දේශිය ආදායම් කොමසාරිස්වරයෙක් නිර්මාණය කරනවා. එම කොමසාරිස්වරයාට බලය ලැබෙනවා බදු නිලධාරින් ලෙස දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් නොවන පිටස්තර පුද්ගලයින් පත් කරන්න. ඒ නිසා ඉතා සූක්ෂම ලෙස දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමේ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා. බස්නාහිර පළාත් සභා මහ ඇමති කියනවා බස්නාහිර අපිරිසිදු හිස් ඉඩම් වලින් බද්දක් අය කරනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බදු පැවරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මම හිතන්නේ එතුමා අපේ ගෝලයෙක් උනාට බදු පාඩම කියලා දෙනකොට දිගටම ඇවිත් නැහැ කියලයි මට හිතෙන්නේ,”

Inland Revenue Department

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *