Home / Featured / දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් අනුමැතිය- යහපාලනයේ දූෂණ විරෝධය කෝ?

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් අනුමැතිය- යහපාලනයේ දූෂණ විරෝධය කෝ?

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩල විසින් තීරණය කර ඇත. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදි අදාළ කමිටු කාර්යාලය පිළිබඳව ජනාධිපති දැක්වු විවේචනාත්මක නොපහන් ආකල්පය පදනම් කරගෙනය.

2015 ජනාධිපතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිර්දේශ මත දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපනය කළ අතර පසුගිය ජූනි 30 වෙනිදා තෙක් එම කාර්යාලය ක්‍රියාත්මක විය.

ඒ අනුව එම කමිටුව ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ඉටු කළ කාර්යයන්ගේ සමාලෝචනයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අදාළ කාර්යාලය සතුව ඉහළ බලතල ප්‍රමාණයක් පැවති ඇති අතර සතියකට වරක් රැස්වී දූෂණය විරෝධී විමර්ශනයන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කොට ඇත.

මේ අතර පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ඉතා නොවැදගත් සුළු සිදුවීම් පිළිබඳව පමණක් විමර්ශනය කරමින් පවතින නිසා ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එම කාර්යාලය හිතාමතාම නොවැදගත් කරුණු වෙනුවෙන් ඔවුන්ව ඉලක්ක කරගනිමින් කටයුතු කරන බවට හැඟී ගොස් ඇති බවය.

“දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමට මසකට රජය මිලියන 12 පිරිවැයක් දරනවා. නමුත් ඔවුන් මසකට විමර්ශනය කරන්නේ පැමිණිලි 6ක් පමණයි” සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම ඊයේ දිනයේදි මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී දිසානායක පවසා සිටියේ රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකුට ඇති දූෂණ චෝදනා යම් යම් බලපෑම් හේතුවෙන් නිසි ලෙස විමර්ශනය නොවන බවය.

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...