යු.එන්පී යේ කත් අදින ශ්‍රිලංනිපයේ නාමයෝජනා දුන්නත් ගන්නේ නෑ- ආණ්ඩුවෙන් ලැබෙන්නේ උත්තර නෙමෙයි උන්මත්තක බවයි

0

ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලැබුනද ඔහු විසින් එය බාර නොගත යුතු බව පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදි මහාචාර්යවරයා මේ බව පවසා සිටියේ මහින්ද රාජපක්ෂට තවදුරටත් නිදහස් පක්ෂයෙන් නාම යෝජනා හිමි නොවන බව නිදහස් පක්ෂ මහලේමක් දුමින්ද දිසානායක පළ කළ අදහසට ප්‍රතිචාරයක් වශයෙනි.

“මගේ පෞද්ගලික මතය අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දුන්නද එය බාර නොගත යුතුයි. මන්දයත් ඩඩ්ලි පාරේ පිහිටා ඇති නිදහස් පක්ෂය යනු අද වන විට එක්සත් ජාතික පක්ෂයේ උපකරණයක් බවට පත් වී ඇති බැවිනි. ඩඩ්ලි පාරේ පිහිටා ඇති නිදහස් පක්ෂය තවදුරටත් එහි පදනම් ගත ප්‍රතිපත්ති හා සාරධර්ම අනුගමනය කරන්නේ නැහැ.”

යහපාලන ආණ්ඩුව එහි දුෂ්ට ක්‍රියාවලෛය මගින් ජනතාව උමතු තත්ත්වයට පත් කිරීමේ වැයමක නිරතව සිටින බවත් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට අපොහොසත් ව ඇති බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය.

2015 දෙසැම්බර් මසදි අත්සන් කොට 2016 දී අපරානුමත කළ සියළු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සමිමුතිය සඳහා අමෙරිකාව, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් අත්සන් කර නොමැති බව දැක් වූ මහාචාර්‍යවරයා ඉන්දියාව හා ස්කැන්ඩිනේවියානු රටවල් පවා එම සම්මුතිය අපරානුමත නොකර ඇති බව සඳහන් කරයි.