Home / Featured / ශී‍්‍ර ලාංකේය මුස්ලිම් ජනතාව කිසිවිටක අන්තවාදයට හෝ ත‍්‍රස්තවාදයට සහයෝගය දෙන්නේ නෑ…-102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් ගැන් කතා පදනම් විරහිතයි

ශී‍්‍ර ලාංකේය මුස්ලිම් ජනතාව කිසිවිටක අන්තවාදයට හෝ ත‍්‍රස්තවාදයට සහයෝගය දෙන්නේ නෑ…-102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් ගැන් කතා පදනම් විරහිතයි

2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත් පතෙහි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අනාවරණය කොට තිබෙන මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් පවත්වාගෙන යන්නේ යැයි සිදුකර ඇති ප‍්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය විශ්වාස නොකරන බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එවැනි අසත්‍ය ප‍්‍රකාශයක් එතුමා සිදුකර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරන්න බවත් එම වැඩසටහන පසු ගිය අවුරුදු 65කට අධික කාලයකට වඩා පැවත ඒම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් සමාජයට කළ මහගු සේවාවක් වේ. මෙම කාර්යභාරය නිසා මුස්ලිම් සමාජය සෑම දිනකම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට හා රජයට තමන්ගේ තුතියපුද කරයි.

2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි පල වූ ”ගුවන් විදුලි සංස්ථාවේ අයුතු වැඩ” සම්බන්ධවයි

2017 ජූලි 09 ඉරිදා දින මව්බිම පුවත්පතෙහි ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණය කොට තිබෙන මෙගා හර්ට්ස් 102.1 නාළිකාව ඔස්සේ අන්තවාදි වැඩසටහන් පවත්වාගෙන යන්නේ යැයි සිදු කර ඇති ප‍්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය වන අප එය විශ්වාස නොකරන්නෙමු. එවැනි අසත්‍ය ප‍්‍රකාශයක් එතුමා සිදු කර ඇත්නම් එයද සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වශයෙන් අප තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරන්නෙමු.

1956 සිට නොමිලේ විකාශය වු මෙම සේවාව මෑත කාලයේදී වාණිජ සේවාවක් ලෙසට පත් විය. නමුත් මුස්ලිම් ජනයා එම සේවාව ලබා ගැනීම සඳහා එයට දායක්වය ලබා දීම අප සියලු දෙනාටම නොරහසකි. එම වැඩසටහන පසු ගිය අවුරුදු 65 කට අධික කාලයකට වඩා පැවත ඒම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් සමාජයට කළ මහගු සේවාවක් වේ. මෙම කාර්යභාරය නිසා මුස්ලිම් සමාජය සෑම දිනකම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට හා රජයට තමන්ගේ තුතිය පුද කරයි. තවද මෙම සේවාව මගින් මුස්ලිම් සමාජයට පමණක් නොව අපගේ අන් ආගමික සහෝදරයින් හටද ප‍්‍රයෝජනය ගෙන දෙන වැඩසටහන සිදු කරන අතර ඔවුන් විසින් එය අගය කොට සැලකූ බව අපට අසන්නට ලැබුනි.

මෙකි වැඩසටහන් ඉතා සාර්ථකව පැවැත්වෙන කාලවකවාණුවක එය නවතා දැමීමට සිදුකරන කුමන්ත‍්‍රණයක් දෝ යන සැකය අපට මතු වී ඇත. එම නාලිකාවෙහි වැඩසටහන් සිදු වන්නේද රාජ්‍යය අනුග‍්‍රහය මගින්ය. අද රට තුල විවිධාකාර පුද්ගලයින් සිදු කරගෙන යන අන්තවාදී වැඩ කටයුතු වලට මෙම ප‍්‍රකාශය ඉමහත් රුකුලක් බවට පත් වී ඇත. තවද පාරම්පරිකව මෙම රට තුල සෑම ජාතියක්ම සහජීවනය හා සංහිඳියාව පැවත එන අතර තම තමන්ගේ අගමික වැඩ කටයුතු දියත් කරමින් සිටිති. තවද ශී‍්‍ර ලාංකේය මුස්ලිම් ජනතාව කිසිවිටක අන්තවාදයට හෝ ත‍්‍රස්තවාදයට සහයෝගය දක්වන්නේ ද නැත. මුස්ලිම් ප‍්‍රජාව මෙරට තුල සාමය සහජීවනය හා සංහිඳියාව ඇති කිරීමට කැප වී වැඩ කටයුතු කරගෙන සිටිති. අප ශී‍්‍ර ලාංකිකයන් ලෙස ජීවත් වී මෙම මාතෘ භූමියට කළ හැකි උපරිමය සිදු කිරීම අපගේ අපේක්‍ෂාව වේ. එම නිසා මෙවැනි ප‍්‍රකාශයන් සිදු කර රට තුල පවතින සහජීවනය හා සංහිඳියාවට තර්ජනයක් ඇති නොකිරීමට සෑම වගකිවයුත්තෙක්ම වග බලා ගත යුතු වේ.
මෙයට

අෂ් ෂේක් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය

SLBC

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...