Home / Featured / එදා මාධ්‍යයට මැදමුලන කැලෑ නීතිය..අද යහපාලනය -මාධ්‍ය නියාමන පනත තුළින් මාධ්‍ය මර්දනයක් නෑ-නී ඇමති

එදා මාධ්‍යයට මැදමුලන කැලෑ නීතිය..අද යහපාලනය -මාධ්‍ය නියාමන පනත තුළින් මාධ්‍ය මර්දනයක් නෑ-නී ඇමති

ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කර තිබෙන අතර ඒ තුළින් කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමු‍වේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සහ පොදු ජනතාව සමඟ සාකච්ඡා කිරීම සිදු වන බවයි.

මෙම මාධ්‍ය නියාමන පනත තුළින් මාධ්‍ය මර්දනයක් ඇති වන බවට මතයක් ඇති කිරීමට සමහර පිරිස් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

යෝජිත මෙම පනත් කෙටුම්පත සැකසීම සමබන්ධයෙන් ඉදිරියට කටයුතු කර ගෙන යාම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කර තිබෙන බවත් සියලුම පාර්ශයන්ගේ දායකත්වය මත මෙම පනත් කෙටුම්පත සකස් කෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සදහන් කළේ 

“හැම ආණ්ඩුවක්ම පත්වුණු අලූත මාධ්‍යයත් එක්ක හිතවත්. ආණ්ඩුවේ මාධ්‍යයත් ස්වාධීනයි වගේ කටයුතු කරනව. නමුත් කල් යනකොට ආණ්ඩුවේ වැරදි ගැන ලියන්න මාධ්‍ය කටයුතු කරනකොට ආණ්ඩුවට මාධ්‍ය එපා වෙනවා. ඒ නිසා තමයි එක එක නීති විවිධ වචනවලින් ගේන්න හදන්නේ. මේක මාධ්‍ය මර්දනයට පාර කැපීමක්. මාධ්‍ය සඳහා ප‍්‍රතිපත්තිමය භාවිතයක් අවශ්‍යයි. ඒ වෙනුවට මාධ්‍ය මර්දනයක් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාධ්‍ය මර්දනයට විවිධ ක‍්‍රම පාවිච්චි කරනවා. කපලා කොටලා මරලා අමුවටම මාධ්‍ය මර්දනය කරනවා. ඒක පහුගිය ආණ්ඩුවේ මැදමුලන කැලෑ නීතිය පාවිච්චි කරලා සිදුකළා. නැත්නම් නීති දාලා පනත් ගෙනල්ලා මාධ්‍ය මර්දනය කරනවා. මේ ආණ්ඩුව ප‍්‍රගතිශීලී පෙනුමෙන් කරන්න යන්නේත් ප‍්‍රතිගාමී වැඩක්.”

Karu Paranawithana/Vijitha Herath

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...