ආණ්ඩුව කරන්නේ මොනවාද කියලා පැටලිලා ඉන්නේ – දඹුල්ල වහන්නේ අස්ගිරියෙන් පළිගන්න ද?

0

බොහෝ උරුමයන් රැකගෙන ඉදිරියට පැමිණි ජාතියක් වුවත් අද වන විට ආණ්ඩුවට කළ යුතු දේ හා නොකළ යුතු දේ අතර පැටලවී ඇති බවත් අස්ගිරි සංඝ සභාවේ ඓතිහාසික ප්‍රකාශය නිසාම ආණ්ඩුව අද වන විට පළිගැනීම් සිදු කරන්නේ දැයි සැකයක් පවතින බව පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

අද(13) කොළඹ පැවති මහජන රාජ්‍ය සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ සඳහන් කළේ, අස්ගිරි සංඝ සභාවේ මහනායක හිමිවරුන් නව ව්‍යවස්ථාවකට විරෝධය පළ කිරීමත් සමඟ අස්ගිරි සංඝ සභාවට අයත් දඹුලු විහාරය වසා දැමීමට තීරණය කිරීම කවරෙකුගේ හෝ අවශ්‍යතාවයක් මත සිදුකරනු ලබන සිදුවීමක් හෝ යම්කිසි පළිගැනීමක් විය හැකි බවට සැකයක් මතුවන බවයි.

අස්ගිරි සංඝ සභාවේ ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රමාණාත්මක ප්‍රතිචාරයක් නොදැක්වු නමුත් ජනතාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂය හෝ විරුද්ධ පක්ෂය කිසිදු ප්‍රමාණාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් පුදුමයට පත්වන බවත් උන්වහන්සේ මෙහිදි පවසා සිටියි.