Home / Featured / මලුව වදින්න සීත ගගුලේ ඉදලා එකතු වෙලා යන්නේ…-මෛත්‍රී,රනිල් ගහන පදේට නටන්නේ නෑ… සිරිකොතට උම්මා දීලා ජී.එල් දැන් බුම්මා වෙලා

මලුව වදින්න සීත ගගුලේ ඉදලා එකතු වෙලා යන්නේ…-මෛත්‍රී,රනිල් ගහන පදේට නටන්නේ නෑ… සිරිකොතට උම්මා දීලා ජී.එල් දැන් බුම්මා වෙලා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනායකවරුන් දරන ස්ථාවරයේම ශ්‍රීලංකා නිදහස් පක්ෂයද සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අද (13) පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

” ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු කියපු බොහෝ කාරණාම තමයි ත්‍රෛනිකායික ස්වාම්න්වහන්සේලාත් කිව්වේ. අපි කියන කොට විධායක ජනාධිපති ක්‍රමය මේ විදියට තියෙන්න ඕන කියලා. ත්‍රෛනිකායිම ස්වාමින්වහන්සේලාත් කියනවා විධායක ජනාධිපති ක්‍රමය ඕන කියලා. මේ විදියට ජාතිවාදය, ආගම්වාදය අහෝසි කරන්න කටයුතු කරන්නේ අර මිනුවන්ගොඩලා, වේයන්ගොඩලා වගේ අය අනවශ්‍ය විදියට ඒ අයට උඩ ගෙඩි දෙන නිසා. ඩලස් මැතිතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදි විවිධ අනතුරු ගැන කියමින් අවසානයේ දී අගමැතිතුමයි, ජනාධිපතිතුමයි අතර එකඟත්වයක් නෑ එනිසා ආණ්ඩුව අනතුරේ කිව්වා. එතුමා ඒ නොකියා කියන්නේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගහන පදේට නටන්නේ නෑ. එතුමා ඒ කියන්නේ අපිට ඕන දේ එතන ඉදන්. ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර සමහර කාරණා වලදි ප්‍රශ්න ඇතිවෙලා තියනවා කියන එක ඇත්ත. සම්මුතිවාදි ආණ්ඩුව තුළදි අපේ සමහර ඇමතිවරුන්ට මන්ත්‍රිවරුන්ට කුඩම්මාගේ සැළකිලි ලැබුණ අවස්ථා තිබුණා. අදත් ඒක වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේත් ඉන්නවා මහින්දානන්ද අලුත්ගමගේලා, ඩලස්ලා රොමේෂ් පතිරණලා වගේ අලුත් පක්ෂයක් හදන්න ඕනේ නෑ අපි එකතු වෙලා ගමනක් යන්න ඕන කියන මතයේ ඉන්න අය. ඒ නිසා අපි ඒ අයත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තමයි තාමත් සැළසුම් කරගෙන යන්නේ. කතා බස් කරගෙන යන්නේ,”

“මලුව වදින්න සීත ගගුලේ ඉදලා එකතු වෙලා යන්නේ. ජී. එල් පිරිස් මහත්තයා කියලා තිබුණා ඩාලි පාරෙන් දෙන නාමයෝජනා මහින්ද මහත්තයට එපා කියලා. ජී. එල් පීරිස් මහත්තයාගෙන් මම අහනවා ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට කී පාරක් ඇවිල්ලා තියනවද කියලා. පක්ෂ මූලස්ථානයේ හතර කොනවත් දන්නේ නැති පුද්ගලයෙක් තමයි අපේ පක්ෂයේ මාතාව වෙච්ච මේ මූලස්ථානයට නිගරු කරන්නේ. එයා වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ සිරිකොතට. ජී.එල් පීරිස් මහත්තයට හිටපු ගමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය උම්මා. දැන් බුම්මා වෙලා. එයා වැඩිපුර හිටියේ සිරිකොතට උම්මා දීලා,”

Ranil-Maythree_bad_mood

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *