Home / Featured / සිසුන් 41ක් ලේ ගලන්න අත් කපා ගෙන- මත් රකුසා පාසල් සිසුන් බිල්ලට ගනී!

සිසුන් 41ක් ලේ ගලන්න අත් කපා ගෙන- මත් රකුසා පාසල් සිසුන් බිල්ලට ගනී!

මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක අධ්‍යයන පොදුසහතික පත්‍ර සමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් තමන්ගේ අත් තියුණු ලෙස කපා ගෙන සිටිය දී පොලිස් භාරයට පත්ව තිබේන බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

සිසුන් 41 දෙනෙක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඇති අතර ඔවුන් ගෙන් 32 නෙකුම රුධිරය වෑහෙන සේ තම අත් තියුණු ලෙස කපා ගෙන තිබූණි. සිසුවියන් 07 දෙනෙකුද ‍එලෙස රුධිරය වෑහෙන සේ තම අත් කපා ගෙන තිබේ.

ඔවුන් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිතා කොට ඇති බවට පොලිසියට සැක මතුව ඇති අතර පාසල් වේලාව තුළ භාවිතා කිරීමට ඔවුනට මෙවන් මත් ද්‍රව්‍යයක් ලැබුණේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳව මැදිරිගිරිය පොලිසිය මේ වන විට පරීක්ෂණ මෙහෙයවන අතර එම පොලිස් භාරයට පත්වන අතරේ සිසුවෙකු සතුව තිබී විසිකරන ලද එම මත්ද්‍රව්‍ය විශේෂයද මේ වන විට පොලිස් භාරයට පත්ව තිබේ.

Check Also

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් උතුරු නැගෙනහිරටත් ඕනෑ…., සම්බන්ධන් Greiffට කියයි

දෙමළ ජනතාවගේ ඉඩම් යනු ඔවුන්ගේ අවශ්‍යවයටත් වඩා ඔවුන්ගේ ජීවිතය හා බද්ධ වූ අතිශය සංවේදී කාරණාවක් ...