Home / Featured / යහපාලනයේ සංහිදියාවට යන ගමන ලත් තැනම ලොප්!- අධිකරණ පද්ධතිය වධහිංසා ඉවසීම රටේ කීර්තිනාමයට පැල්ලමක්

යහපාලනයේ සංහිදියාවට යන ගමන ලත් තැනම ලොප්!- අධිකරණ පද්ධතිය වධහිංසා ඉවසීම රටේ කීර්තිනාමයට පැල්ලමක්

ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන කෲර අමානුෂික හා අවමන් සහගත සැළකිලි නිතර සිදු වන ක්‍රියාවක් බවට පත් ව ඇති බව ලංකාවේ දින හතරක සංචාරය සමාප්ත කරමින් හා එම සංචාරය පිළිබඳව තම වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පවසයි.

එමර්සන්ගේ මෙම සංචාරය ලංකා රජයේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු වූවක් වුවද ලංකාවේ අධිකරණ පද්ධතිය මෙම කෲර අමානුෂික හා අවමන් සහගත සැළකිලි ඉවසීම ‘ලංකාවේ අන්තර්ජාතික කීර්තිනාමය මත පැල්ලමක් ඇති කරන්නක් බව’ ඔහු පෙන්වා දෙයි.

සම්මුතිවාදි ආණ්ඩුව විසින් ආරම්භ කළ අවුරුදු 26 ක අභ්‍යන්තර සිවිල් යුද්ධයෙන් පසුව සංහිදියාව කරා යන ගමන එහි අඩිතාලම මතම ඇණහිට ඇති බව ඔහු තම වාර්තාව මහින් පෙන්වා දෙයි.

“ජාතික ආරක්ෂාව යන පදනමින් අත්තඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින්නන්ට සිදුවන වධහිංසා අදටත් ඉතිරිව පවතින ආවේණික හා නිතරම සිදුවන ක්‍රියාවලියක් බවට පත් ව ඇත,” එම වාර්තාව දක්වයි.

“අධිකාරින් විසින් මෙම නෛතික විසම්මුතික බව දෙමළ ජනතාවට එරෙහිව භාවිතා කිරීමෙ පටන් මෙම ජනතාව හොදින් මත්වූ රාජ්‍ය වධහිංසා ක්‍රියාවලියේ ප්‍රධානතම පීඩාව විදින්නන් බවට පත් ව ඇත,” අදාළ වාර්තාව සඳහන් කරයි.

අත්තඩංගුවට ගත් පිරිසෙන් 80% ක් පමණ පසුගිය 2016 වසරේදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්තඩංගුවට ගෙන ඇති බව එමර්සන් විසින් පෙන්වා දෙන අතරම ඔවුන්ට අත්තඩංගුවේදි සිදු වී ඇති වධහිංසා හා ශාරිරික හිංසාවන් පිළිබඳව පැමිණිලි ද ඉදිරිපත් කොට ඇති බවත් පෙන්වා දෙයි.

“මෙම පහර දීම් වලට පොලු වලින් පහර දීම, පීඩන ඉරියව් භාවිතය, භූමිතෙල් වල පොගවනු ලැබූ ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් හුස්මගැනීමට අපහසුතා ඇති කිරීම, ඇඟිලිවල නිය උදුරා දැමීම, වතුර මගින් හිංසා ඇති කිරීම, තනි තනිව පැය ගණනක් මහපට ඇගිලි මගින් එල්වා තැබීම, ජනනේන්ද්‍රිය ඡේදනය කිරිම වැනි වධහිංසා අයත්වේ,” ඔහු සිය වාර්තාව මිගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.  

දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Check Also

මන්ත්‍රී රොෂාන් ඒකාබද්ධයෙන් ගියේ නෑ -ආණ්ඩුවේන් එළියට එන්න ඕන නම් හොදම දවස සැප්තැම්බර් 02

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට මාධ්‍ය තුළ පළ වු පුවත මුළුමනින්ම සාවද්‍ය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *